අමෙරිකාවේ මැසචුසෙට්ස් හි ගිලට් ක්‍රීඩාංගනයේ පැවති Coldplay ප්‍රසංගයක් අතතුර Kiss Cam මොහොතක් ලොවපුරා සමාජ මාධ්‍යවල වෛරල් පුවතක් බවට පත් වුණා.
ඊට හේතුව වුණේ ප්‍රසංගය අතරතුර ප්‍රේක්ෂකාගාරයේ යුවළක් වෙත කැමරාව එල්ල වීමත් එකිනෙකාට තුරුළුව සිටි යුවළ කැමරාව ඔවුන් දෙසට යොමුවන විටම එකිනෙකාගෙන් ඉවත් වී සැඟවීමයි.
මෙම් සිදුවීම ඉතා වේගයෙන් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වීමට බලපෑ අනෙක් හේතුව වන්නේ එහි පිරිමි පුද්ගලයා අමෙරිකාවේ ඩොලර් බිලියනයක වටිනාකාමක් ඇති තාක්ෂණික සමාගමක් වන Astronomer හි ප්‍රධාන විධායක නිලධාරියා වන ඇන්ඩෲ බයිරන් වීම නිසාය.
එමෙන්ම අදාළ කාන්තාව එම සමාගමේ HR අංශයේ ප්‍රධානියා ක්‍රිස්ටින් කැබොට් බව වාර්තා වුණා.
ප්‍රසිද්ධ වාර්තවාර්තාවලින් පෙනී යන ආකාරයට දෙදෙනාම විවාහකයින් ය. බයිරන්ගේ වයස 50ක්වන බවත් කැබොට්ගේ වයස 56ක් බවත් වාර්තා වෙනවා.
ඔවුන් දෙදෙනා අතර අනියම් සබඳතාවක් පිළිබඳ රාවයක් තිබුණත් එය ලෝකයම ඉදිරියේ තහවුරු වූයේ ඔවුන් හීනෙන්වත් නොසිතූ ආකාරයටයි.
බොහෝ අය මෙම සිදුවීම හාස්‍යයට ලක් කර තිබුණා. තවත් අය මෙය දකින ඔහුගේ බිරිඳගේ මානසික තත්ත්වය සහ ඇගේ ඊලඟ පියවර කුමක්වේදැයි අනුමාන කර තිබුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට බයිරන්ගේ බිරිඳ මේ වන විට නිහඬව සමාජ මාධ්‍යවලින් ඇගේ නමේ අයත් වාසගම කොටස ඉවත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ වී ඇති බැවින් දෙදෙනාගේම වැඩ තහනම් කර ඇති බව සමාගම නිවේදනයක් නිකුත් කර ඇති බවද ඒ අතර වර්තා වුණා.
මෙම වීඩියෝව TikTok හි මිලියන හයකට ආසන්න නැරඹුම් ලබා තිබෙනවා.
මිනිසුන් අතර සබඳතාවන් විවිධාකාරයි. ඒවාට අයිතිවන්නේ නීත්‍යානුකූල බැඳීම් පමණක් නොවේ. එහෙත් ඒ පිළිවඳව මුළු ලෝකයේම පවතින දෘෂ්ටිය සමාන බව මෙම සිදුවීමෙන් තහවුරු වන වෙනම කාරණාවකි.
බයිරන්ගේ හා කැබොට්ගේ අනියම් ප්‍රේමය බොහෝ අය හාස්‍යයෙන් බැහැර කර තිබීමෙන් එය පැහැදිලි වෙනවා.
බොහෝ දෙනෙක් Coldplay කැමරාකරුවාට ස්තුති කර තිබුණේ ඔහු මැණිකක් යැයි කියමිනි.