ශ්‍රී ලංකාව අදානිට යටත් වෙයි.. මිලියන 300 ත් 500ත් අතර වන්දියක් ගෙවීමට එකඟතාවක්

ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත රු. මිලියන 300ත් 500ත් අතර මුදලක් ගෙවීමට රජය සූදානම් වන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

ඒ මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති දෙකකින් ඉවත්වීමෙන් පසු, ඔවුන්ට දරන්නට වූ මූලික පිරිවැය නැවත ලබා දෙන ලෙස සමාගම කළ ඉල්ලීම සලකා බලමින් ය.

ජාතික ජන බලවේගය රජය සමඟ මිල නියම කිරීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදයකින් පසු ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම ඔවුන්ගේ ව්‍යාපෘතිවලින් ඉවත් වීමට තීරණය කර තිබුණා.

ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දරන ලද මූලික වියදම් ආපසු ගෙවන ලෙස ඉල්ලමින් සමාගම මේ වසරේ මැයි මාසයේදී ලිපියක් යොමු කරනු ලැබුවේ ඒ අනුවයි.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි, ශ්‍රී ලංකා තිරසර බලශක්ති අධිකාරිය නීති උපදෙස් ලබා ගැනීමක් සිදු කළ අතර රජය අදානි සමාගමට එරෙහිව නඩු පවරනු ඇති බවටයි වාර්තා වුණේ.

එහෙත් ඊයේ (ජූලි 18) දින නීති උපදෙස් ලැබී තිබුණු අතර ඒ අනුව වියදම්වලින් කොටසක් ආපසු ගෙවිය යුතු බවට නිර්දේශ කර ඇති බව නිර්නාමික ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, බලශක්ති බලපත්‍රය සඳහා අදානි සමාගම විසින් ගෙවන ලද මුදල් ආපසු නොගෙවිය යුතු බවට අධිකාරිය දැඩි තීරණයක සිටින බව වාර්තා වෙනවා.

නියමිත ආපසු ගෙවීමේ මුදල නීතිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ඉදිරි මාස කිහිපය තුළ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියෙන් පසු තීරණය ගනු ඇති බව සඳහන් ය.

අදානි සමාගම මන්නාරම සහ පූනරීන් නගරවල සුළං බලාගාර ව්‍යාපෘති ඉදිකිරීමට නියමිතව තිබූ අතර, ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 442ක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබුණා.

මෙම ව්‍යාපෘතිය මගින් 2025 වන විට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 350ක් එක් කිරීමට අපේක්ෂා කරන ලදී.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!