පන්ති කාමර සිසුන් 25-30 කට සීමා කෙරේ

පන්ති කාමරයක සිසුන් සංඛ්‍යාව 25 ත් 30 ත් අතර ප්‍රමාණයකට අඩු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ බව අගමැතිනි සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (19) පවසා තිබෙනවා.

සිසුන් 50 ක් හෝ 60 ක් සිටින තදබදයෙන් පිරුණු පන්ති කාමරවල ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දිය නොහැකි බව ඇය පවසනවා.

ඇය මෙම අදහස් පළ කළේ දකුණු පළාතේ අධ්‍යාපන බලධාරීන් සඳහා ගාල්ලේ දක්ෂිණපාය ශ්‍රවණාගාරයේ පැවති දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

නව ප්‍රතිසංස්කරණ විෂයමාලා ඔස්සේ ගුරු වෘත්තීයභාවය වැඩිදියුණු කිරීම, අධ්‍යාපන පරිපාලනය ප්‍රතිව්‍යුහගත කිරීම සහ සියලුම දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයට සමාන ප්‍රවේශයක් සහතික කිරීම සඳහා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව අගමැතිනිය පෙන්වා දී තිබෙනවා.

මෙය කිසිසේත් පුද්ගලික වාසිතකා කරන දෙයක් නොවන බවයි ඇය සඳහන් කළේ.

ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අභියෝගාත්මක වන අතර ඊට එරෙහිවන විවේචන පදනම් විරහිත බව ඇය එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

Latest News

More like this

ලංකා විදුලි බල මණ්ඩලය අහෝසියි.. පාලනය සමාගම් 6ක් යටතට

ලංකා විදුලි බල මණ්ඩලය මේ මස අවසානයේ දී අහෝසි...

සමලිංගික මොඩියුලයේ සෝදුපත් කියවූ අය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.. ඇමති විජේපාල

හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක...

යූ ටියුබ් ‘කාරි’ ට නලින්දගෙන් රු බිලියනයක එන්තරවාසියක්

යූ ටියුබ් ක්‍රියාකරුවකු වන ධර්මසිරි කාරියවසම් යන අයට එරෙහිව...

ආපදාව පිට දමා හෝ පාසල් කාලය දීර්ඝ කිරීමේ යෝජනා හකුළා ගත් හරිනිට හතරවටෙන්ම ප්‍රශංසා

2026 වර්ෂයේ පාසල් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යන මැයෙන් නිවේදනයක්...