ජීවිතේ ලස්සනම වසර 20ක් නිදා සිටි සෞදි කුමරයා සදහටම සමුගනී

“නිදා සිටින කුමාරයා” ලෙස හඳුන්වන සවුදියේ අල් වලීඩ් බින් කාලෙඩ් බින් තලාල් අල් සවුද් කුමරු දශක දෙකකට වැඩි කාලයක් කෝමා තත්වයේ ගත කිරීමෙන් පසු මිය ගිය බව නිවේදනය කර තිබෙනවා.

1990 අප්‍රේල් මාසයේදී උපත ලැබූ අල් වලීඩ් කුමරු, ප්‍රමුඛ සෞදි රාජකීයයෙකු සහ බිලියනපති අල් වලීඩ් බින් තලාල් කුමරුගේ බෑණනුවන් වූ කාලෙඩ් බින් තලාල් අල් සවුද් කුමරුගේ වැඩිමහල් පුත්‍රයාය.

ඔහු 2005 වසරේදී ලන්ඩනයේ හමුදා කැඩෙට් නිලධාරියෙකු ලෙස අධ්‍යාපනය ලබමින් සිටියදී දරුණු මෝටර් රථ අනතුරකට මුහුණ දුන් අතර එයින් ඔහුගේ මොළයට දැඩි හානි සිදුව තිබුණා.

එවකට ඔහුගේ වයස අවුරුදු 15කි.

ඉන්පසුව හදිසි වෛද්‍ය ප්‍රතිකාර සහ විශේෂිත ඇමරිකානු සහ ස්පාඤ්ඤ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලැබුණද ඔහුට කිසි විටෙකත් සම්පූර්ණ සිහිය ලැබුණේ නැහැ.

පියෙකුගේ නොසැලෙන ධෛර්ය හේතුවෙන් වසර 20කට වැඩි කාලයක් අල් වලීඩ් කුමරු බොහෝ දුරට ප්‍රතිචාර නොදක්වන කෝමා තත්ත්වයේ පසු වුණා.

අවස්ථා ගණනාවකදී ඔහු ස්වභාවික ප්‍රතිචාර ලබාදුන්නේ ඉමහත් බලාපොරොත්තු ලබා දෙමිනි.

ඔහුගේ පියා වන කාලෙඩ් කුමරු, ජීවිත ආධාරක ඉවත් කර ගැනීම සඳහා වන යෝජනා ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළ අතර දිව්‍ය සුවය පිළිබඳ ඔහුගේ විශ්වාසය කෙරෙහි දැඩි ලෙස නැඹුරු වී සිටියා.

කුමාරයාගේ රෝහල් කාමරය ආධ්‍යාත්මික සන්ධිස්ථානයක් බවට පත් වූ අතර, යාඥා සහ සහයෝගය ලබා දෙන අමුත්තන් නිතර එහි පැමිණි බව සඳහන් ය.

ඔහුගේ ජීවිතය සහ දීර්ඝ අරගලය වෛද්‍ය වෘත්තියේ අභියෝගයක් පමණක් නොව මිනිස් ආත්මය පිළිබඳ ගැඹුරු ඉගැන්වීම්වලට ද හේතුවකි.

Latest News

More like this

ඉරානය නොසන්සුන් කළ ආගමික සංස්ථාව හා වෙළඳ පැලැන්තිය අතර ගැටුම

ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩව දහතුන්වන දිනටත් සිකුරාදා පැවැත්වුණේ...

බුද්ධාගම පොතට ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය දාලා.. විපක්ෂ නායක සජිත්

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව...

ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් ඩෙන්මාර්කයේ පළමු පියවර හෙළි කරයි

එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් සොල්දාදුවන් පළමුව වෙඩි තබා...

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...