රුසියාවේ WhatsApp තහනමක්.. ඒ වෙනුවට Max ආදේශ කරයි..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විදේශීය පණිවිඩ යෙදුම් සහ මෘදුකාංග භාවිතය සීමා කරන නව නීති රීති ගෙන එන ලෙස තම රජයට උපදෙස් දී ඇතැයි මාධ්‍ය වාර්තා පවසනවා.

යුක්‍රේනයේ විදේශ බුද්ධි සේවයේ ජූලි 20 වන දින වාර්තාවකට අනුව, මොස්කව් මෙම නියෝගයෙන් ඉලක්ක කරන්නේ “මිත්‍රශීලී නොවන රටවල්”ය.

බටහිර රටවල සංවර්ධනය කරන ලද තාක්ෂණය මත රුසියාව රඳා පැවතීම අඩු කිරීමේ පුළුල් උත්සාහයේ කොටසක් ලෙස ක්‍රෙම්ලිනය මෙම සතිය මුලදී මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇති බව එම වාර්තාවල දැක්වෙනවා.

මේ අනුව යුක්‍රේනයේ බුද්ධි සේවය විශ්වාස කරන්නේ WhatsApp තහනමක් අපේක්ෂා කළ හැකි බවයි.

Meta සතු පණිවිඩ යෙදුම, රුසියාවේ තවමත් ක්‍රියාත්මක වන සමාගමේ සේවාවන් කිහිපයෙන් එකකි.

Facebook, Instagram, Threads සහ WhatsApp හිමිකාරීත්වය දරන Meta, 2022 දී රුසියානු බලධාරීන් විසින් “අන්තවාදී සංවිධානයක්” ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

අනෙකුත් වේදිකා දැනටමත් අවහිර කර ඇතත්, WhatsApp මර්දනයෙන් ගැලවී තිබුණා.

පසුගිය වසරේ, රුසියාව අනතුරු අඟවා තිබුණේ WhatsApp රුසියානු නීති අනුගමනය නොකරන්නේ නම් 2025 දී තහනමකට මුහුණ දිය හැකි බවයි.

රුසියානු සම්භවයක් ඇති ව්‍යවසායකයෙකු වන Pavel Durov විසින් නිර්මාණය කරන ලද පණිවිඩ යෙදුමක් වන Telegram සඳහා රජය කුමන තීරණයක් ගනීවිද යන්න තවමත් නිශ්චිත නොමැති බව වාර්තාවල දැක්වෙනවා.

WhatsAppවලට ආදේශකයක් ලෙස රුසියානු බලධාරීන් විසින් මේ වන විටත් Max නමින් නව පණිවිඩ යෙදුමක් සංවර්ධනය කරමින් සිටින බවයි පැවසෙන්නේ.

යුක්‍රේන බුද්ධි අංශවලට අනුව, සියලුම රුසියානු නිලධාරීන්ට දැන් Max වෙත මාරු වන ලෙස නියෝග කර තිබෙනවා.

Latest News

More like this

නිලන්ත ජයවර්ධනට මරණ දඬුවම දිය යුතුයි.. කතෝලික සභාව දැඩි මතයක

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කඩිනම්...

වියට්නාම බෝට්ටු අනතුර : 10 හැවිරිදි දරුවකු ප්‍රාතිහාර්යකින් දිවි ගලවා ගනී

වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් ගිලී යාමෙන් දරුවකු ප්‍රාතිහාර්යක් ලෙස දිවි...

රුසියාවට එකවර ප්‍රබල භූමිකම්පා තුනක්.. සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වේ

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට රිච්ටර් පරිමාණයේ 7.4 ක විශාල භූමිකම්පාවක්...

ජීවිතේ ලස්සනම වසර 20ක් නිදා සිටි සෞදි කුමරයා සදහටම සමුගනී

"නිදා සිටින කුමාරයා" ලෙස හඳුන්වන සවුදියේ අල් වලීඩ් බින්...
error: Content is protected !!