නිලන්තට මරණ දණ්ඩනය දීම කතෝලික පල්ලියේ ස්ථාවරය නොවේ

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්වීමේ චෝදනාව මත වැඩ තහනම් වූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට මරණ දණ්ඩනය ලබා දිය යුතු බවට වන ඉල්ලීම කතෝලික පල්ලියේ නිල ස්ථාවරය නොවන බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සඳහන් කර තිබෙනවා.

නිලන්ත ජයවර්ධන මහතාගේ වැඩ තහනමත් සමඟ ඊයේ (21) ශ්‍රී ලංකා කතෝලික සභාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා කතෝලික පල්ලියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් සඳහන් කර සිටියේ වැඩ තහනම කිසිසේත් ප්‍රමාණවත් දඬුවමක් නොවන බැවින් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ විය යුතු බවයි.

සිය මතය ප්‍රකාශ කරමින් ඔහුට මරණීය දණ්ඩනය නියම විය යුතු ‍යැයි පියතුමන් කියා සිටියා.

ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් ඉදිරිපත් කරනු ලැබුවේ තමන්ගේ මතය වන අතර ඔහු ඊට පෙර ඒ පිළිබඳ දැනුම් දුන් බවත් එය කතෝලික පල්ලියේ නිල ස්ථාවරය නොවන බව ප්‍රනාන්දු පියතුමන් සඳහන් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සහ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශයන්ට අනුව නියෝජ්‍ය පොලිස්පති ජයවර්ධනගේ වැඩ තහනම් කිරීමට ජාතික පොලිස් කොමිසම පියවර ගෙන තිබුණා.

මේ අනුව ජනාධිපති කොමිසම විසින් කරන ලද සියලුම නිර්දේශ ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවලින් තවත් තොරතුරු එළියට එනු ඇතැයි අපේක්ෂා කරන බවත් පියතුමන් සඳහන් කර තිබෙනවා.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්‍ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ශානි අබේසේකර සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න නැවත පත් කිරීමට විශේෂයෙන් අවශ්‍ය නොවූ බව ද ප්‍රනාන්දු පියතුමන් පවසනවා.

“කාදිනල්තුමන්ට අවශ්‍ය වූයේ 2020 දී මාරු කරන ලද සියලුම නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීම පමණයි. ඔහු කිසි විටෙකත් කිසිදු නමක් සඳහන් කළේ නැහැ” උන්වහන්සේ සඳහන් කරනවා.

Latest News

More like this

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...

ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම හේතුවෙන් වෛද්‍ය බෙල්ලනගේ වැඩ තහනම්…

ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රුක්ෂාන්...

උමා ඇළට පිරිත් පැන් දැමූ සමන්ත විද්‍යාරත්නට චාමරගෙන් හාදු වැස්සක්

ආණ්ඩුව ආගමානුකූල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

රන්වලගේ සිදුවීමේ දී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැර හැර ඇති බව තහවුරු වේ

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ...