රජයේ සමස්ත ආදායම පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්‍ත වාර්තාව පෙන්වා දී තිබෙනවා.
වාර්තාව අනුව, පසුගිය මැයි මාසේදී පමණක් රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 484 කි. ඒ අනුව මෙම වසරේ පළමු මාස පහ තුළ රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 2 කට ආසන්න බවත් පසුගිය වසරේ රජයේ සමස්ත ආදායම රුපියල් ට්‍රිලියන 4ක් බවත් මහ බැංක දත්ත වාර්තාව පවසනවා.
මෙම වසරේ පළමු මාස පහ තුළ රජයට ලැබුණු බදු ආදායමේ හා ප්‍රදානවල එකතුව රුපියල් බිලියන 1942ක් වන අතර පසුගිය වසරේ පළමු මාස පහ තුළ රජයේ සමස්ත ආදායම වූයේ රුපියල් බිලියන 1619කි. ඒ අනුව මෙම වසරේ 20%ක ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරනු ලබනවා.
එම දත්ත වාර්තාවලට අනුව මෙම වසරේ පළමු මාස පහ තුල රජයේ බදු ආදායම රුපියල් බිලියන 1802කි. පසුගිය මැයි මාසයේ රජයේ සමස්ත ආදායම වු රුපියල් බිලියන 486 මෙම වසරේදී මසක් තුළ රජය ඉපැයූ ඉහළම සමස්ත ආදායම බවත් පසුගිය මැයි මාසයට පෙර මෙම වසරේදී රජය වැඩිම සමස්ත් ආදායමක් උපයා තිබුනේ පසුගිය පෙබරවාරි මාසයේ බව මහ බැංකු දත්ත වාර්තාව පෙන්වා දෙනවා.
එසේම මාර්තු මාසයේදී රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 306ක් බවත් අප්‍රේල් මාසයේදී රජය සමස්ත ආදායම රුපියල් බිලියන 387ක් බවත් මහ බැංකුව දත්ත වාර්තාවල දැක්වෙනවා.
2023 වසරේ දී රජයේ සමස්ත ආදායම රුපියල් ට්‍රිලියන 3ක් වූ අතර පසුගිය වසරේ එය රුපියල් ට්‍රිලියන 4ක් දක්වා වර්ධනය වී තිබුණා. ලබා ඇති ප්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන ගියහොත් මෙම වසරේදී රජයේ සමස්ත ආදායම රු ට්‍රිලියන 4 පසු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.