දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

“දැවැන්ත” නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ සඳහා ජපානයට, සියයට 15ක තීරු බද්දක් පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

Truth Social ගිණුමෙහි සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇති ආකාරයට වෙළඳ ගිවිසුමට ඩොලර් බිලියන 550ක ජපන් ආයෝජන ඇතුළත් වෙනවා. මෙම ආයෝජන ඔස්සේ එක්සත් ජනපදය තුළ රැකියා ලක්ෂ ගණනින් නිර්මාණය වනු ඇතැයි ඔහු පවසනවා.

එමඟින් එක්සත් ජනපදයට 90%ක ලාභයක් ලැබීමට නියමිත බවද ට්‍රම්ප් එම නිවේදනයෙන් පෙන්වා දී තිබුණා.

“කාර්, ට්‍රක් රථ, සහල් සහ අනෙකුත් ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු වෙළඳාම සඳහා ඔවුන්ගේ රට විවෘත කිරීමට” ජපානය එකඟ වී ඇති බව ද නිවේදනයේ සඳහන්ය.

ට්‍රම්ප්ගේ නිවේදනයෙන් පසුව, ජපානයේ නිකේයි දර්ශකය සියයට 1 කට වඩා ඉහළ ගිය අතර මෝටර් රථ කොටස් සියයට 6 කට වඩා ඉහළ ගොස් ඇති බව වාර්තා වුණා. ට්‍රම්ප් මීට පෙර නිවේදනය කර තිබූ අකාරයට ජපානයට පනවා තිබූ තීරු බදු අනුපාතය වූයේ 25%කි.

Latest News

More like this

බුද්ධාගම පොතට ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය දාලා.. විපක්ෂ නායක සජිත්

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව...

ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් ඩෙන්මාර්කයේ පළමු පියවර හෙළි කරයි

එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් සොල්දාදුවන් පළමුව වෙඩි තබා...

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...