පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින් ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අපේක්ෂකයෙකු හෝ කිහිප දෙනෙකු නම් කිරීමට නියමිතය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් විසින් බරපතල ලෙස බලය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වරදකරු බව තීරණය කරනු ලැබුවා.
බලය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් තෙන්නකෝන් මහතා වැරදිකරු බව නිගමනය කළ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුව, ඔවුන්ගේ විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවේ කථානායකවරයාට ඉදිරිපත් කර තිබෙනවා. 2022 වසරේ වැලිගම W-15 හෝටලයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට ඔහු වගකිව යුතු බවයි කමිටුව දැනුම් දී ඇත්තේ. එහි ප්‍රතිඵලයක් ලෙස පොලිස් නිලධාරියෙකු ජීවිතයක්ෂයට පත් වුණා.
මේ අනුව 36 වන පොලිස්පතිවරයා ලෙස සේවය කළ තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයට ලක් වූ ශ්‍රී ලංකාවේ පළමු පොලිස්පතිවරයා වීමට ද නියමිතය.
දේශබන්දු තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුව විසින් දෝෂාභියෝගයට ලක් කළ පසු, ජනාධිපතිවරයාට ඔහුගේ අනුප්‍රාප්තිකයා පත් කිරීමේ ක්‍රියාවලිය විධිමත් ලෙස ආරම්භ කළ හැකි බව ජ්‍යෙෂ්ඨ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
2024 සැප්තැම්බර් 27 වන දින සිට වර්තමාන වැඩබලන පොලිස්පතිවරයා ලෙස සේවය කරනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාය. ඔහු 1988 දී කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් බලකායට එක් වූ අතර එතැන් සිට ධුරාවලියේ ඉහළටම පැමිණි නිලධාරියෙකි. කෙසේ වෙතත්, ජ්‍යෙෂ්ඨත්වය අනුව ඔහු දෙවන ස්ථානයේ පසුවන අතර පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් පලමු ස්ථානයේ සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාය. පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විසින් පසුගිය සතියේ සේවයෙන් ඉවත් කරන ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගේ සේවය අත්හිටුවීමෙන් පසු ඔහු දැන් වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලෙස සේවය කරනු ලබනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය මඟින් ජනාධිපතිවරයාට එක් නිලධාරියකු හෝ ඊට වැඩි ගණනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සලකා බැලීම සඳහා නිර්දේශ කිරීමට හැකියාව පවතී. දස දෙනෙකුගෙන් යුත් ව්‍යවස්ථාදායක සභාවේ අවම වශයෙන් සාමාජිකයින් පස් දෙනෙකුගේ අනුමැතිය මත මීළඟ පොලිස්පතිවරයා පත් කරනු ලබනවා.