නිවස තුළ පීඩනය දරාගත නොහැකිව හඬා වැටුණ තනුශ්‍රී

2018 වසරේ දී බොලිවුඩයේ #MeToo ව්‍යාපාරය නැගී ආ සමයේ විවෘතව ඉදිරියට ආ එක් බොලිවුඩ් තරුවක් වූ තනුශ්‍රී දත්තා මෑතකදී ඇය නිවස තුළ හිරිහැරයට ලක්වන බවට අනාවරණය කර තිබෙනවා.

ඇය හඬමින් ඉන්ස්ටග්‍රෑම් හි බෙදාගත් වීඩියෝවකට අනුව නිවස තුළ ඇය දැඩි පීඩනයකට ලක්ව සිටින බව දක්නට ලැබුණා.

ඇය හඬමින් ඇයට තවදුරටත් නිවස තුළ පවතින ශබ්ද දරාගත නොහැකි බව පවසන ආකාරය දැකගහ හැකියි. පසුගිය අවසර 4-5ක් තිස්සේ ඇය එම හිරිහැරවලට මුහුණ දෙන බව සඳහන් වූ අතර ඇය සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ උදව් කරන ලෙසයි.

ඇය නිවස තුළ ශබ්දය වැඩි වීමෙන් දැඩි මානසික පීඩනයක සිටින බවයි වීඩියෝවෙන් පෙන්නුම් කළේ. ඇය වැඩිදුරටත් පොලිස් මැදිහත්වීමක්ද ඉල්ලා සිටියා.

“යාලුවනේ, මට මගේම නිවසේදී හිරිහැර වෙනවා. මම කණස්සල්ලට පත් වී සිටිනවා. මම පොලිසියට කතා කළා. දැන් ඔවුන් පැමිණ පොලිසියට මට පැමිණෙන්නයි කියා ගියා. මම ඉන්නේ දැඩි කණස්සලෙන්. මට අසනීපයි. මගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගිහින්. මම තව දින කිහිපයකින් පොලිසියට යනවා.”

ඇය නිවසට බඳවා ගන්නා සේවකයින් නිසාද මානසික ආතතියට පත්ව සිටින බව එහිදී කියා සිටියා. ඇය වැඩිදුරටත් කියා සිටියේ “මට තනියෙන් වැඩ කරගන්න බැහැ. මගේ නිවස අවුල් ජාලයක් වෙලා” යනුවෙනි.

ප්‍රමාද වෙන්න පෙර කිසිවක් කරන්න යනුවෙන් ද ඇය එම වීඩියෝවෙන් ඉල්ලා සිටිනවා. පසුගිය වසර පුරාවට විවිධාකාර ඝෝෂාකාරී වටපිටාවකින් ඇය හෙම්බත් වී සිටින බවයි සඳහන් වුණේ. ඒ පිළිබඳ ගොඩනැගිලි ඉදිකරන කළමනාකාරීත්වයට දැනුම් දුන්නද කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව ඇය පවසනවා.

2009 දී ඔවුන්ගේ Horn ‘Ok’ Pleassss චිත්‍රපටයේ විශේෂ ගීතයක් රූගත කරමින් සිටියදී නානා පටේකර් තමාට ලිංගික හිරිහැර කළ බවට 2018 වසරේදී #MeToo ව්‍යාපාරය හමුවේ හෙළි කරනු ලැබුවේ තනුශ්‍රීය.

Latest News

More like this

චිත්‍රපට තිර, රොබෝ වේටර්වරු සහිත ඊලෝන් මස්ක්ගේ ටෙස්ලා අවන්හල විවෘත වේ

ප්‍රකෝටිපති බිලියනයකු වන ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගම විසින් එක්සත්...

පිරිමි අඩුවීම හමුවේ දීග යන වයසේ දුප්පත් කෙල්ලෝ අර්බුදයකට

මෙරට පිරිමි ජනගහණය අඩුවීම හමුවේ ක්ෂේත්‍ර ගණනාවක් අර්බුදයට යනු...

සැඟවී ගිය එකගෙයි කෑමේ චාරිත්‍රයට පණ දුන් අයිය මළෝ දෙන්නා…

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ්හි කුඩා කොටසක පැවති 'හට්ටි' බහුපුරුෂ විවාහ...

අනියම් ප්‍රේමය සජීවී කැමරාවකින් පෙන්වීම නිසා අමෙරිකාවේ Astronomer ලොක්කාට සිදු වූ විපත

අමෙරිකාවේ මැසචුසෙට්ස් හි ගිලට් ක්‍රීඩාංගනයේ පැවති Coldplay ප්‍රසංගයක් අතතුර...
error: Content is protected !!