අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට දැරියක ලබා දුන් සාක්ෂියක් අනුව අදාළ මව බදුරලිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැනට කඩවත, ප්‍රදේශයේ ළමා මධ්‍යස්ථානයක රඳවා සිටින වයස අවුරුදු 12යි මාස 08ක් වූ දැරිය ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශයට ජුලි 14 වැනිදා ලබා දුන් වීඩියෝ සාක්ෂි මත පදනම්ව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බවයි වාර්තා වන්නේ.

මව දැනුවත්ව පුද්ගලයින් කීපදෙනකු සමග ලිංගිකව එක්වූ බවත්, ඔවුන් ලබා දුන් මුදල් මවට දුන් බවත් දැරිය එහිදී ප්‍රකාශ කර තිබුණා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති මව බදුරලිය, මෝල්කාව ප්‍රදේශය ආශ්‍රිත ගමක පදිංචි කාන්තාවකි. ඒ පිළිබඳව මින් පෙර පොලිසියට නොකීවේ මව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හෝ තමා පරිවාස භාරයට පත් විය හැකි නිසා බව ද ඇය ප්‍රකාශ කර තිබෙනවා.

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...