අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට දැරියක ලබා දුන් සාක්ෂියක් අනුව අදාළ මව බදුරලිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැනට කඩවත, ප්‍රදේශයේ ළමා මධ්‍යස්ථානයක රඳවා සිටින වයස අවුරුදු 12යි මාස 08ක් වූ දැරිය ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශයට ජුලි 14 වැනිදා ලබා දුන් වීඩියෝ සාක්ෂි මත පදනම්ව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බවයි වාර්තා වන්නේ.

මව දැනුවත්ව පුද්ගලයින් කීපදෙනකු සමග ලිංගිකව එක්වූ බවත්, ඔවුන් ලබා දුන් මුදල් මවට දුන් බවත් දැරිය එහිදී ප්‍රකාශ කර තිබුණා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති මව බදුරලිය, මෝල්කාව ප්‍රදේශය ආශ්‍රිත ගමක පදිංචි කාන්තාවකි. ඒ පිළිබඳව මින් පෙර පොලිසියට නොකීවේ මව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හෝ තමා පරිවාස භාරයට පත් විය හැකි නිසා බව ද ඇය ප්‍රකාශ කර තිබෙනවා.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...