මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් දළඳා මාලිගාව ඉදිරිපිට වසා දමා ඇති ප්‍රධාන මාර්ගය නැවත විවෘත කිරීම පිළිබඳ විමසූ අවස්තාවේ සභානායකවරයා විසින් තමාගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ අරමුණික් කළ ප්‍රකාශයක් හේතුවෙන් සිය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය පවසනවා.

ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී විමසීම් කළ අවස්ථාවේ තමන් ඉලක්ක කරමින් සභානායක බිමල් රත්නායක මහතා විසින් කළ ප්‍රකාශය වහාම ඉල්ලා අස් කරගන්න ලෙසත් එය පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවලින් ඉවත් කරන ලෙසත් ඇය ඉල්ලා සිටියා.

එහිදී සභානායකවරයා මාතලේ මිනීවළවල්වලින් මතුවන මිනී ඇටකටුවලට වගකිවයුතු අයගේ දියණියන් මේ වන විට පාර්ලිමේන්තුවේ සිටින බව ප්‍රකාශ කර තිබුණා.

දැනට පාර්ලිමේන්තුවේ සිටින මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන දේශපාලනඥයෙකුගේ එකම දියණිය තමා බවත් තම පියා එවැනි ඝාතන සිදුනොකළ අතර මිනිසුන්ට ජීවිතය දුන් පුද්ගලයෙකු බවයි ඇය ප්‍රකාශ කළේ.

මේ හේතුවෙන් ඇයට බරපතල ජීවිත අවදානමක් මතුවන බව ඇය පෙන්වා දුන්නා. අදාළ මිනිස් ඝාතන සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙසත් ඒ ඔස්සේ නියම වැරදිකරුවන් රටට හෙළිදරව් කරන ලෙසත් ඇය ඉල්ලා සිටියා.

එමෙන්ම ඊයේ (23) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා වෙත කට වහ ගන්නැයි සිදු කළ ප්‍රකාශය එම ධුරයේ ගෞරවය විනාශ කිරීමට කළ උත්සහයක් නොවන බැවින් එම ප්‍රකාශය ඉල්ලා අස් කර ගැනීමට ද ඇය පියවර ගෙන තිබුණා.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...