මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා විනිශ්චයන් දැඩි විවේචනයට !

පසුගියදා පැවැති මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2025 තරඟාවලියේදී ලබා දුන් විනිශ්චයන් මේ වන විට දැඩි විවේචනයන්ට ලක් වෙමින් තිබේ.

මිස් වර්ලඩ් තරඟාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් රූප රාජිනියන් තෝරා ගැනීමේ පූර්ව තරගය ලෙස පැවැත්වෙන මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරඟයේ ජයග්‍රාහී රූ රැජින වන ප්‍රතිභා ලියනාරච්චි, නියමිත වයස් සීමාව ඉක්මවා ඇතැයිද, දෙවැනි ස්ථානය දිනාගත් ලානා රශින් සිල්වා, ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බවටද චෝදනා එල්ල වේ.

එමෙන්ම තරඟයට සහභාගී වූ එක් තරුණියක වයස අවුරුදු 30 ඉක්මවා ඇති බවද පැවසේ.

ලෝක රූ රැජින තරඟාවලිය නියෝජනය කරන සෑම තරඟකාරියකම වයස අවුරුදු 28 නොඉක්මවිය යුතු යැයි සේම අදාල රටේ පුරවැසියන් විය යුතු යැයි නිර්ණායකයක් තිබියදී ශ්‍රී ලංකාවේ තරඟ සංවිධායකයින් මුදලට හෝ වෙනත් වරදානයන්ට යටත් වී ජාත්‍යන්තර තරඟ නීති හා කොන්දේසි කඩ කිරීම නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරට ඉදිරියේ හෑල්ලුවට පත් වන බවටද චෝදනාවක් එල්ල වේ.

අදාල තරඟාවලියේදී සිදි වූ අක්‍රමිකතා හා අසාධාරණයන් පිළිබඳ ලෝක රූ රැජින තරඟ සංවිධායකයින් දැනුවත් කිරීමට ලියූ ලිපියක් පහත දැක් වේ.

Latest News

More like this

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...