මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා විනිශ්චයන් දැඩි විවේචනයට !

පසුගියදා පැවැති මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2025 තරඟාවලියේදී ලබා දුන් විනිශ්චයන් මේ වන විට දැඩි විවේචනයන්ට ලක් වෙමින් තිබේ.

මිස් වර්ලඩ් තරඟාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් රූප රාජිනියන් තෝරා ගැනීමේ පූර්ව තරගය ලෙස පැවැත්වෙන මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරඟයේ ජයග්‍රාහී රූ රැජින වන ප්‍රතිභා ලියනාරච්චි, නියමිත වයස් සීමාව ඉක්මවා ඇතැයිද, දෙවැනි ස්ථානය දිනාගත් ලානා රශින් සිල්වා, ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බවටද චෝදනා එල්ල වේ.

එමෙන්ම තරඟයට සහභාගී වූ එක් තරුණියක වයස අවුරුදු 30 ඉක්මවා ඇති බවද පැවසේ.

ලෝක රූ රැජින තරඟාවලිය නියෝජනය කරන සෑම තරඟකාරියකම වයස අවුරුදු 28 නොඉක්මවිය යුතු යැයි සේම අදාල රටේ පුරවැසියන් විය යුතු යැයි නිර්ණායකයක් තිබියදී ශ්‍රී ලංකාවේ තරඟ සංවිධායකයින් මුදලට හෝ වෙනත් වරදානයන්ට යටත් වී ජාත්‍යන්තර තරඟ නීති හා කොන්දේසි කඩ කිරීම නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරට ඉදිරියේ හෑල්ලුවට පත් වන බවටද චෝදනාවක් එල්ල වේ.

අදාල තරඟාවලියේදී සිදි වූ අක්‍රමිකතා හා අසාධාරණයන් පිළිබඳ ලෝක රූ රැජින තරඟ සංවිධායකයින් දැනුවත් කිරීමට ලියූ ලිපියක් පහත දැක් වේ.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...