ශ්‍රී ලංකාවේ මුල් වරට දුඹුරු සීනි කඩ..

ශ්‍රී ලංකාවේ මුල් වරට දුඹුරු සීනි අලෙවි සැල් ජාලයක් ඊයේ (11) නුගේගොඩදී ආරම්භ කෙරිණි.

ඒ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සංකල්පයක් අනුව ය.

ලංකා සීනි සමාගම මඟින් මෙම අලෙවි සැල් ජාලය පිහිටුවා ඇත්තේ රජයට අයත් පැල්වත්ත සහ සෙවණගල කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන තත්වයෙන් ඉහල දුඹුරු සීනි අඩු මිලට ලාංකික පාරිභෝගිකයන් වෙත ලබා දීමේ අරමුණෙනි.

මෙම අළෙවි ජාලය ආරම්භකිරීමේ අවස්ථාවට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන,යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය දේශපාලන අධිකාරීයේ නියෝජිතයින්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්, ලංකා සීනි සමාගමේ සභාපතිනි සඳමාලි චන්ද්‍රෙස්කර මහත්මිය අතුළු ලංකා සීනි සමාගමේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

Latest News

More like this

සිරුරට අහිතකර තෙල් වර්ග දෙක පිළිබඳ ඔබ දැනුවත් ද…?

අපගේ හෘදය වස්තුවට, අක්මාවට අහිතකර සහ පිළිකාකාරක සහිත තෙල්...

වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්…

ලෝකයේ ජනප්‍රියම පාන වර්ග අතරින් කෝපිවලට හිමිවන්නේ, ඉදිරිපෙළ අසුනකි. මක්නිසාද,...

Bubble Mania Kiribathgoda

https://youtu.be/PlVXQ4xAfTY

Ice Cream Kottu @ Umandawa Green Hut

https://youtu.be/cAoeEZbzGSA