රාජ්‍ය බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development Finance Corporation Bank – HDFC Bank) සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (State Mortgage & Investment Bank – SMIB) ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙම බැංකු දෙකටම කුඩා වෙළ ඳ පොළ කොටසක් සහිත කුඩා මූල්‍ය ආයතනයන් බවත් තැන්පතු රැස් කිරීමේ සීමිත ධාරිතාව, දුර්වල ලාභදායිත්වය, අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා සපුරාලිමට ඇති නොහැකියාව හේතුවෙන් ඒකි බැංකුවල වත්මන් ව්‍යාපාර ආකෘති තිරසර නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව සතු සියලුම රජය සතු කොටස් හිමිකම ලංකා බැංකුව වෙත අත්පත් කරගෙන ලංකා බැංකුවේ අනුබද්ධිත ආයතනයක් ලෙස මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට නියමිතය.

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සියලු කොටස් මහජන බැංකුව වෙත අත්පත් කරගෙන ඒම බැංකුවේ අනුබද්ධිත ආයතනයක් ලෙස මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමටත් ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිප් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

Latest News

More like this

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම නතර කරන්න.. ලොව ඉහළම ආර්ථික විද්‍යාඥයින් 120ක් බල කරයි

නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික...

චිත්‍රපට හදන්න ලංකාවට එන්න.. විජිතගෙන් ඉන්දියාවට ආරාධනාවක්

ඉන්දීය ආයෝජකයින්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට...

වාහන සඳහා උපරිම ණය සීමාව සංශෝධනය වේ

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය...