මෙක්සිකෝ රූ රැජිනට තායිලන්තයේදී කැතවැඩක් !

විශ්ව රූ රැජින තරගාවලියට පෙර පැවැත්වෙන උත්සවයකදී සත්කාරක තායිලන්තයේ තරග අධ්‍යක්ෂවරයා විසින් මෙක්සිකෝ තරඟකාරියට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කිරීමෙන් පසු, තරඟකාරියන් ගණනාවක් ඒ‌ මොහොතේම එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

මෙම තීව්‍ර ගැටුමෙන් අනතුරුව, විශ්ව රූ රැජින සංවිධානය (MUO) විසින් සත්කාරක රාජ්‍යයේ නිලධාරියාගේ හැසිරීම ‘ද්වේෂසහගත’ බව පවසමින් දැඩි ලෙස හෙළා දැක තිබුණා.

තායිලන්ත අධ්‍යක්ෂවරයාගේ හැසිරීමට එරෙහිව විශ්ව රූ රැජින සංවිධානය විසින් දැඩි ප්‍රතිචාරයක් දක්වා ඇති අතර, තරඟය පවත්වාගෙන යෑම භාර ගැනීමට ජාත්‍යන්තර නියෝජිත පිරිසක් යවා තිබෙනවා.

MUO හි සභාපති රාවුල් රොචා වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ නවත් “සැබෑ සත්කාරකයෙකු වීමේ සැබෑ අර්ථය අමතක කර ඇති” බවයි.

සභාපතිවරයාගේ ප්‍රකාශයට අනුව, තායි නිලධාරියා බොෂ්ට නින්දා, අපහාස සහ අගෞරව කළ අතර, ආරක්ෂාවක් නොමැති කාන්තාවකට බිය ගැන්වීම සඳහා ආරක්ෂක අංශ කැඳවීමේ බරපතල අපයෝජනයක් සිදු කළ බව ද චෝදනා කළා.

නවත් තරඟයට සහභාගීත්වය හැකි තරම් සීමා කරන හෝ සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව රොචා පවසනවා.

එසේම, MUO විසින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඔහු අවධාරණය කළේ, “මිස් යුනිවර්ස් යනු කාන්තාවන්ගේ හඬ ලෝකයට ඇසෙන පරිදි ඔවුන් සවිබල ගැන්වීම සඳහා වූ වේදිකාවක්” බවයි.

මෙම සිදුවීම වාර්තා වූයේ Miss Universe තරගාවලියේ පෙර පැවැත්වෙන රෑ රැජිනියන්ගේ හමුවකදීයි.

එහිදී සත්කාරකත්වය දරන රට ලෙස තායිලන්තය ප්‍රවර්ධන අන්තර්ගතයන් සිය සමාජ ජාල තුළ පළ කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් තායිලන්ත අධ්‍යක්ෂවරයා වන නවාත් ඉට්සරග්‍රිසිල් විසින් මෙක්සිකෝ රූ රැජින වන, ෆාතිමා බොෂ් හට සෙසු සියලු තරඟකාරියන් ඉදිරිපිටදී නුසුදුසු වචනවලින් දෝෂාරෝපණය කළා.

මෙම දැඩි දෝෂාරෝපණ තර්ජන මධ්‍යයේ මෙක්සිකෝ රූ රැජිනට කතා කිරීමට පවා ඉඩ නොදී දැඩි ලෙස බැනවදිද්දි සෙසු තරඟකාරියන් ඇය වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගත්තා.

බොෂ් විසින් ඊට විරෝධය පළ කළ අවස්ථාවේදී, නවත් ආරක්ෂක අංශ කැඳවූ අතර, ඇයට සහය දක්වන අයට ද තරඟයෙන් අසමත් කරන බවට තර්ජනය කර තිබෙනවා.

සජීවීව විකාශනය වූ මෙම සිදුවීමේ වීඩියෝව අන්තර්ජාලය පුරා බෙදා වේගයෙන් සංසරණය වෙමින් තායිලන්තයට විවේචන එල්ලවීමට පටන්ගත්තා.

නැවත තරඟකාරියන්ට තර්ජනය කරමින් මෙසේ ද පැවසුවා “යමෙකුට තරඟය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නම් වාඩිවෙන්න. ඔබ පිටතට ගියහොත් ඉතිරි තරගකාරියන් සමඟ දිගටම ඉදිරි වැඩ කරගෙන යනවා”.

කෙසේ වෙතත්, බොෂ් කාමරයෙන් පිටව ගිය අතර, අනෙකුත් කාන්තාවන්ගෙන් බහුතරයක් ඇයට සහය දක්වමින් ඇය සමඟ එක්වී පිටව යෑමට දොර දෙසට ගිය බවක් සජීවී විකාශය තුළින් ද දක්නට ලැබුණා.

සිදුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ බොෂ් කියා සිටියේ 60 හැවිරිදි අධ්‍යක්ෂවරයා තමාට ප්‍රසිද්ධියේ අගෞරව කළ බවයි.

කෙසේ වෙතත්, ඔහු පසුව පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තම වචන වැරදියට තේරුම් ගෙන ඇති බවත්, තමා කියා සිටියේ ඇය හානියක් සිදු කළ බව පමණක් බවයි.

කෙසේවෙතත් තරඟකාරියන් ගණනාවකින් පිටත්ව ගිය අය අතර, වත්මන් විශ්ව රූ රැජින වන ඩෙන්මාර්කයේ වික්ටෝරියා කේජර් තෙයිල්විග් ද ඒ අතර වූවා.

ඇය පිටත්ව යන විට, “මෙය කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක්,” යැයි ප්‍රකාශ කළා.

තවත් ගැහැණු ළමයෙකුට “අගෞරව කිරීම” ගෞරවයෙන් ඔබ්බට ගිය දෙයක් බවත්, ඒ නිසා තමා ඉවත්ව යන බවත් ඇය සඳහන් කර තිබුණා.

බොෂ් සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ, “මට අවශ්‍ය වන්නේ මගේ රට දැනුවත් කිරීමටයි, මගේ හඬ නැගීමට මම බය නැහැ. මට අරමුණක් තිබෙනවා, මට කියන්නට දේවල් තිබෙනවා”. ඇය වැඩිදුරටත් පැවසුවේ, “අපි ඉන්නේ 21 වැනි සියවසේ. මම මේකප් කර, හැඩගස්වා, ඇඳුම් මාරු කරන රූකඩයක් නෙවෙයි”.

තායිලන්ත අධ්‍යක්ෂවරයා පසුව සමාජ මාධ්‍ය වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින්, “යමෙකුට නරකක්, අපහසුතාවයක් හෝ බලපෑමක් දැනෙනවා නම්, මම සැමගෙන් සමාව අයදිනවා. මම විශේෂයෙන් එහි සිටි ගැහැණු ළමයින් 75 දෙනාගෙන් සමාව අයදිනවා,” යනුවෙන්.

මෙම මතභේදය නොතකා, Miss Universe තරඟය ඉදිරියට ගෙන ගොස් ඇති අතර, තරඟකාරියන් බදාදා බැංකොක්හිදී පිළිගැනීමේ උත්සවයකට සහභාගී වුණා.

තරඟයේ ජයග්‍රාහකයා නොවැම්බර් 21 වැනිදා නව විශ්ව රූ රැජින කිරුළ පැළඳීමට නියමිතයි.

Latest News

More like this

තලපති විජේගේ 51 වැනි උපන් දිනය දා තෑග්ග

ජෝසෆ් විජේ චන්ද්‍රසේකර් නොහොත් දෙමළ සිනමාවේ තලපති විජේගේ 51වැනි...

Sugaගේ පැමිණීමෙන් යළි එක් වූ BTS…

ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ K-pop කණ්ඩායමක් වන BTS හි සන්ධිස්ථානයක්...

තරුණියන් අතර උන්මාදයක් වූ නික් කාටර්ගේ රූපය ඇදහිය නොහැකි ලෙස වෙනස් වෙලා

Back Street Boys ප්‍රධාන ගායක නික් කාටර් හෙවත් නිකොලස්...

මෝහාන්ලාල්ගේ ‘තුඩරුම්’ කොෆියක් බවට චෝදනා

මොහාන්ලාල් සහ ශෝභනා රංගනයෙන් දායක වූ අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක්...
error: Content is protected !!