මාර්ග නීති උල්ලංඝණය කළ තලපති විජේට රුපියල් 500ක දඩයක්..

දකුණු ඉන්දීය සුපිරි නළුවෙකු වන විජයි ට එරට පොලීසිය විසින් රථවාහන දඩයක් ලෙස එරට මුදලින් රුපියල් 500ක දඩයක් පැනවීමට කටයුතු කර ඇත.

ඔහුගේ නවතම චිත්‍රපටය වන, ලියෝ, රූගත කිරීම් නිමකර ඊයේ දිනයේ සිය නිවස කරා යමින් සිටියදී ඔහුගේ රසිකයින් පිරිසක් විජයිගේ රථය ලුහුබැඳ ඇති අතර එහිදී ඔහු මාර්ග සංඥා නොතකා රිය ධාවනය කරවීම හේතුවෙන් මෙලෙස දඩ පැනවීමට කටයුතු කර තිබේ.

එහිදී එක් මංසන්ධියක මාර්ග සංඥාවල රතු පැහැය දැල්වී තිබියදී එය පසුකර රථය නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇති අතර එම අවස්ථාව කැමරාවක පටිගතව තිබී ඇති අතර ඒ අනුව විජයි ට එරෙහිව එරට රථවාහන පොලීසිය විසින් දඩයක් පැනවීමට කටයුතු කර ඇත.

Latest News

error: Content is protected !!