උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය වස බීලා !
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි දඹුල්ල ප්‍රදේශයේ සිසුවියක් පසුගියදා සිය නිවස තුළදීම හදිසියේ මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇය මියගොස් ඇත්තේ වස වර්ගයක් පානය කිරීමෙන් බව තහවුරු වී තිබේ.
පසුගිය 10 වැනිදා උදෑසන මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී තිබුණේ දඹුල්ල ඉහළ ඇරැවුල ගම්මානයෙනි.
මෙලෙස දිවි හානි කරගෙන ඇත්තේ දහනව හැවිරිදි වියේ පසුවූ තරුෂි චමෝදි නැමැති සිසුවියකි.
උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සූදානමින් සිටි දඹුල්ල, ඉහළ ඇරෑවුල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පාසල් සිසුවිය මෙවර විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටියාය.
දඹුල්ල ජාතික පාසලේ ඉගෙනුම ලැබූ තරුෂි චමෝදි රාත්‍රියේ සිය කාමරය තුළ අධ්‍යාපන කටයුතුවල නිරතව, පසුදින විභාගය සඳහා අවශ්‍ය දෑ ද සූදානම් කර නින්දට ගොස් ඇත.
රෝහලට ඇතුල් කරනවිටත් මියගිහින් ….
කෙසේ වෙතත්, උදෑසන ඇය අවදි නොවීම හේතුවෙන් සොයා බැලූ දෙමව්පියන් දියණිය සිහිසුන්ව සිටිනු දැක වහාම දඹුල්ල මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.
සිසුවිය 9 දින රාත්‍රි යේ සිය කාමරය තුල සිය අධ්‍යාපන කටයුතු වල නිරතවි සිටීය බවද උදේ 6 ට පමණ දියනිය උසස් පෙළ විභාගයට පෙනිසිටිමට යාමට සුදානම් නොවි කාමරය තුල නිදාගෙන සිටි නිසා දෙමව්පියන් සොයා බලද්දී ඇය සිහිසුන්ව නිදා සිටි නිසා වහාම 1990 ගිලන් රථයෙන් දඔුල්ල රෝහලට ගෙන ගොස් තිබුණි.
රොගාතුරවි ඇතැයි සිතා රෝහලට ගෙන ආ සිසුවිය වෛද්‍යවරුන් පරික්ෂා කර පවසා ඇත්තේ ඇය රෝහලට ගෙන ඒමට පෙර මියගොස් ඇති බවය.
ඇයගේ හදිසි මරණය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණය දඹුල්ල නගර හදිසි මරණ පරීක්ෂකවරයා විසින් දඹුල්ල රෝහලේදී සිදු කරන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලද්දේ දඹුල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි පී. යූ. තාරක උදේෂ් මහතා විසිනි.
එහිදී ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා අනුව මෙම මරණය ශරීරයට වස වර්ගයක් ඇතුළුවීම නිසා සිදුවූවක් බවට නිගමනය කෙරිණි. දඹුල්ල පොලිස් මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් විජේසුන්දර මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් බණ්ඩාර මහතා විසින් සාක්ෂි මෙහෙයවීම සිදු කරන ලදී.
මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබාදුන් මියගිය සිසුවියගේ මව වන හතළිස් තුන් හැවිරිදි අජන්තා මාලනී මහත්මිය සඳහන් කළේ තම දියණිය ඉගෙනීමට අතිශය දක්ෂ අයෙකු වූ බවත්, ඇය මෙවර උසස් පෙළ විභාගයට හොඳින් පෙනී සිටීමට අපේක්ෂාවෙන් සිටි බවත්ය. සිද්ධිය වූ දින දියණිය රෝහලට රැගෙන ආවද ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරුන් පැවසූ බව ඇය කියා සිටියාය.
“අම්මේ මම ජීවිතයෙන් සමුගන්නවා”
තම දියණිය පාඩුවේ සිටීමට කැමති, ගමේ අය සමඟ වැඩි කතාබහක් නොමැති අයෙකු බවත්, බොහෝ විට කාමරයට වී අධ්‍යාපන කටයුතුවල නිරත වූ බවත් මව සාක්ෂි දෙමින් පැවසුවාය.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ දියණියට තිබූ එකම දුර්වලතාවය ඉක්මනින් කේන්ති යාම පමණක් බවයි. දියණිය මෙවැනි පියවරක් ගත්තේ මන්දැයි තමන්ට සිතාගත නොහැකි බවත්, පසුව ඇයගේ කාමරය පරීක්ෂා කිරීමේදී “අම්මේ මම ජීවිතයෙන් සමුගන්නවා” යනුවෙන් සඳහන් කළ ලිපියක් හමුවූ බවත් මව විසින් හෙළි කරන ලදී.
සිද්ධිය වාර්තා වීමත් සමඟ දඹුල්ල පොලීසියේ නිලධාරීන් පිරිසක් අදාළ සිසුවියගේ නිවසට ගොස් පරීක්ෂා කර බලා තිබූ නමුත් එහිදී සැක කටයුතු කිසිවක් හමු නොවූ බව පොලීසිය පවසා තිබූ අතර ලිපිය හමුවූයේ පසුවය. ඇය පානය කළ වස කුප්පිය හමුවී නැත.
තරගකාරී විභාග රටාව තුළ තමන් අසමත්වේය යන තැතිගැන්ම මත ඇය ඉච්ඡාභංගත්වයට පත්වන්නට ඇතැයි සැක කෙරේ.
මෙම පුවතට අදාල මෙම ලිපිය බලන්න
උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔබේ දරුවාගේ මානසික යහපැවැත්ම සඳහා ඔබට කළ හැකි දේවල් 5ක්.
