මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පේරාදෙණිය මාර්ගයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක පුද්ගලයෙකු මහනුවර ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තරුණිය අද (13) පස්වරුවේ තම මුහුණේ ලප කැළැල්වලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් තිබෙන බව ඇය විසින් කළ පැමිණිල්ලේ සඳහන් වෙනවා.
ඒ සඳහා වෛද්‍යවරයෙකු ප්‍රතිකාර ලබා දීමෙන් පසු ඇයට දැනුම්දී තිබෙන්නේ ඒ වෙනුවෙන් රුපියල් 35,000 ක මුදලක් ගෙවන ලෙසයි.
එම අවස්ථාවේ තමන් සතුව රුපියල් 20,000 ක මුදලක් පමණක් තිබීම නිසා තරුණිය එය ලබා දීමෙන් පසු ඉල්ලා ඇත්තේ ඉතිරි මුදල පසුව ලබා දීමට අවස්ථාවක් ලබාදෙන ලෙසයි.
එම අවස්ථාවේ ඇය අසලට පැමිණි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පරිපාලකයකු යැයි කියන පුද්ගලයකු තරුණියට රුපියල් 5,000 ක විශේෂ මුදල් අඩු කිරීමක්ද සිදුකොට ඉතිරි රුපියල් 10,000 ක මුදල පමණක් පසුව ගෙවීමට අවස්ථාව ලබාදිය හැකි බව පවසා තිබෙනවා.
තමාද වෛද්‍ය වෘත්තියට සම්බන්ධ අයෙකු බව පවසා ඇති සැකකරු, තරුණියගේ ශරීරය පරීක්ෂා කර තවත් ලප කැළැල් ඇති බැවින් ඒවා ඉවත් කළ යුතු බවට තරුණියට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව මෙම සැකකරු පළමුව ඇගේ පාද ද අනතුරුව පිට හා පපු ප්‍රදේශය ද පරීක්ෂා කරන මුවාවෙන් ශරීරය ස්පර්ශ කරමින් අතවරයක් කළ බව පැමිණිලිකාරිය සිය පැමිණිල්ලන් ඉදිරිපත් කර තිබුණා.
මෙම තරුණිය කළ පැමිණිල්ලට අනුව පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සැකකරු කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මනගේ උපදෙස් මත මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත්ගේ මෙහෙයවීමෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙනවා.
