අමෙරිකානු සමාජ මාධ්‍ය ජාලයක් වුණු Rumble විශාල ආයෝජනයක් සිදුකිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, Truth Social සත්කාරකත්වය දරණ Rumble සමාජ මාධ්‍ය ජාලය විසින් ජර්මානු AI cloud සමාගමක් වන Northern Data සමාගම මිලදී ගැනීමට සූදානම් වන බවයි.
ඒ අමෙරිකානු ඩොලර් මිලියන 767 ක සමස්ත කොටස් ගනුදෙනුවක් යටතේයි.
වාර්තාවන පරිදි අදාළ ගනුදෙනුවෙන් පසු Rumble සමාගමට Northern Data සමාගමේ සමස්ථ කොටස් හිමිකන් 30.4% ප්‍රමාණයක අයිතිය හිමිවනු ඇත.
Rumble යනු වීඩියෝ පට නැරඹීම සඳහා යොදාගන්නා සමාජ මාධ්‍යකි.
Rumble හි හිමිකාරීත්වට දරණ Truth Social සමාගමේ අයිතිය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවේ.
(News1st)
