පසුගියදා ඩුබායි හි පැවති 2025 – ඩුබායි T100 Traithlon Event ක්‍රීඩා තරගාවලියට අයත් ඉසව් ත්‍රිත්වයේ ම විශිෂ්ට ධාවනයකින් පසු වයස අවුරුදු 30 – 34 පිරිමි අංශයේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ඉන්දික ගමගේ සමත්ව විය.
එම ඉසව්වේ පිහිණුම් අංශය මීටර් 750m, බයිසිකල් ධාවන ඉසව්ව කිලෝමීටර් 20KM සහ ධාවන ඉසව්ව කිලෝමීටර් 05KM සමග සමස්ත කාලය පැය 01 යි විනාඩි 15 යි තත්පර 24ක කාලයකින් අවසන් කිරීමට හැකිවිය.
මෙම තරගාවලිය සඳහා රටවල් 120 ට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1222 සහභාගී වූ අතර, ඉන්දික එහි පිරිමි අංශයේ 26වන ස්ථානය සහ සමස්ත තරග ඉසව්වේ 30වන ස්ථානයට තරගය අවසන් කීරීම ද විශේෂත්වයකි. මෙම තරාගාවලිය ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් ලෙස වාර්ෂිකව පැවත්වේ. මෙවර මෙම තරගාවලිය සංවිධානය කරන ලද්දේ World Traithlon සංගමය සහ ඩුබායි Traithlon සංගමය විසිනි. ඉන්දික ගමගේ ශ්‍රී ලංකාවේ ලබන වසරේ පෙබරවාරි මස පැවත්වෙන IRONMAN70.3Colombo තරගාවලිය සඳහා ද සහභාගී වීමට නියමිත ය.


(සටහන – සමීර මදුසංක හේවා ගමගේ)
