ග්‍රෑම් 825 බැගින් වන බොරු පියයුරු ඉවත් කළ ඉන්දියානු නිළිය…

ෂර්ලින් චොප්රා කියන්නේ ඉන්දියානු නිළියක්. ඇය මේ දවස්වල බොලිවුඩ්වල වැඩියෙන්ම කතාබහට ලක් වෙන නිළියක් කිව්වත් වැරදි නැහැ. ඒ ග්‍රෑම් 825 බැගින් වන ඇගේ බොරු පියයුරු යුවළ එහෙමත් නැත්නම් සිලිකන් පියයුරු සැත්කමක් ඔස්සෙ ඉවත් කිරීම නිසා.

මෑතකදි ඇය සැත්කමක් ඔස්සේ බද්ධ කරපු ව්‍යාජ පියයුරු ඉවත් කිරීමට දැඩි තීන්දුවක් ගෙන තිබුණා. ඒ වෙනුවෙන් ඇයට බද්ධ කිරීම තරම්ම සංකීර්ණ සැත්කමකට මුහුණ දීමටත් සිදු වුණා. එම සැත්කමෙන් අනතුරුව රෝහල් ඇඳ මත සිට ඇය නැවත ජීවිතයේ සැහැල්ලුව භුක්ති විඳින ආකාරය සමාජ මාධ්‍යඔස්සේ බෙදා ගැනීම නිසා බොහෝ දෙනෙකුගේ අවධානයට එය හේතු වුණා.

ඇගේ එම ක්‍රියාවෙන් පියයුරු බද්ධ කිරිම් ඉවත් කිරීම පිළිබඳ පවතින මතවාදයන්ට නව උද්යෝගයක් ලැබී තියෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගත් ඇගේ සටහනෙන් පස්සේ බොහෝ අය දැඩි උනන්දුවකින් මේ ගැන කතා බහ කරන්න පටන් ගත්තා. එම ඉවත් කිරීමේ ක්‍රියාවලිය කෙතරම් සංකීර්ණද කියන එක ගැන විශාල කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා.

ඇය තරුණයින්ට සෘජුවම ආමන්ත්‍රණය කරමින්, ශරීර වෙනස් කිරීම සඳහා සමාජ මාධ්‍ය පීඩනයට යටත් නොවන ලෙසත් ඇගේ සටහනෙන් ඉල්ලා තියෙනවා. “ඔබට කුමක් වුවත්,කරන්න අවශ්‍ය කුමක් වුණත් වාසි සහ අවාසි සලකා බලන්න. පවුලේ අය සහ වෛද්‍ය විශේෂඥයින් සමඟ ගැඹුරින් කතා කරන්න. ඉක්මන් වෙන්න එපා. සමූහයා අනුගමනය නොකරන්න රැල්ලට යන්න එපා. ඇත්ත සහ යථාර්ථය ආරක්ෂා කරගන්න.” ඇය වැඩිදුරටත් උපදෙස් දීලා තිබුණේ එහෙමයි.

Latest News

More like this

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...

සුළිකුණාටුවෙන් දරුවන් රැසකට දෙමව්පියන් අහිමිවෙලා

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ නායයෑම් සහ ගංවතුර...

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...