මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන පනත් කෙටුම්පත මැති සභයට…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2025-06-16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජාතික රාජ්‍ය සභාවේ 1971 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබුණා.

පාර්ලිමේන්තුවට තේරී පත් වූ නියෝජිතයන්ට සහ ඔවුන්ගේ කලත්‍රයන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කිරීම’ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් වූ ප්‍රධානම පොරොන්දුවලින් එකකි.

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇත්තේ එම පොරොන්දුව සාක්ෂාත් කිරීම සඳහාය. ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී අවසන්ය.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Latest News

More like this

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...