බුදු පිළිම නාට්‍යය මගේ නම්.. රඟපාන්නේ ආණ්ඩුව… නාමල්

ත්‍රිකුණාමලය සම්බුද්ධි ජයන්ති විහාරයේ සංඝයාවහන්සේලාට පහර දුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත්දැයි පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා.

ඔහු එහිදී කියා සිටියේ එම සිදුවීම පොහොට්ටුවේ නාට්‍යයක් බව හුවා දැක්වීමට ජාතික ජන බලවේගය උත්සහ කරමින් සිටින බවයි.

එය පොදු ජන පෙරමුණේ නාට්‍යයක් නම් එහි නළුවන් ආණ්ඩුවේ බව ඔහු සඳහන් කරනු ලැබුවා.

“මම දැක්කා එක්තරා මන්ත්‍රීවරයෙක් කියනවා පොහොට්ටුවේ නාට්‍යය සජබ කරේ තියන් දුවනවා කියලා. නාට්‍යය පොහොට්ටුවේ නම් කරේ තියන් යන්නේ සජබ නම් ඒක රඟපානේ ජේ.වී.පී එක. මොකද ආණ්ඩුව මෙයාලගේ. අපේ නෙවෙයි. පොලිසියෙන් නම් රඟපාන්නේ, පොලිසියෙන් නම් බුදු පිළිම වඩම්මවන්නේ, පොලිසියෙන් නම් බුදු පිළිම කඩන්නේ, ඒ කරලත් කියනවා නම් නාට්‍යය මගේ කියලා මතක තියාගන්න රඟපාන්නේ ඔබතුමන්ලා..”

Latest News

error: Content is protected !!