ඇවිළෙන්න ගිය ජාතිවාදී ගින්න නිවා දැමූ ජනපතිගේ ප්‍රකාශය

රට තුළ නැවත කිසිවිටක ජාතිවාදයට හිස එසවීමට තමන් ඉඩ නොදෙන බවත් රටේ පොදු ජනතාවද ඒ සඳහා කිසිවිටක ඉඩ නොදෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ ත්‍රිකුණාමලය සම්බුද්ධි ජයන්ති විහාරස්ථානයේ පසුගිය දා ඇතිවුණු ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරමිනි.

එහිදී ජනාධිපතිවරයා එම භූමිය විහාරස්ථානයක් ලෙස භාවිත වී නොමැති බවත් එය භාවිත කර ඇත්තේ ආපනශාලාවක් ලෙස බව පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියා.

අදාළ භූමියේ ස්ථාපනය කර තිබුණු ආපනශාලාව ආශ්‍රිත ඉදිකිරීම් සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ අධිකාරිය සහ ආපන ශාලාව පවත්වාගෙන ගිය සම්බුද්ධි ජයන්ති විහාරස්ථානය අතර ඇතිවු මතභේදකාරී තත්ත්වයක් මෙම ගැටුමට හේත්වී ඇති බවයි ඔහු කියා සිටියේ.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ එම ගැටලුව මේ වන විට නිරාකරණය කර ගෙන ඇති නමුත් එය නැවත නැවතත් ඉස්මතු කරමින් ජාතිවාදය වැපිරීම සිදු කරන බවයි.

එහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා,

“අපේ රටේ ජාතිවාදී ප්‍රවණතාවන් විවිධ මුහුණුවරින් විවිධ අවස්ථාවල පැන නගිනවා. ඉතිහාසය ගත්තොත් දූෂණය නිසා ආණ්ඩු වැටිලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීම නිසා ආණ්ඩු වැටිලා තියෙනවා. එහෙම අපේ ආණ්ඩුවට චෝදනාවක් එල්ල කරන්න බැහැ. මෑතකාලයේ ආණ්ඩු වැටිලා තියෙනවා ආර්ථික ප්‍රශ්න කේන්ද්‍ර කරගෙන. එහෙමත් මේ ආන්ඩුවට එරෙහිව චෝදනාවක් එල්ල කරන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා නම් ඊට එරෙහි සටන සාධනීයයි. ආර්ථිකය බිඳ වැටෙනවා නම් ඊට එරෙහි සටන සාධනීයයි. මේ නිසා කිසිදු සාධනීය සටන් පාඨයක් මේ පරාජිත දේශපාලන බලවේගවලට ඉතුරු වෙලා නැහැ. සාධනීය සටන් පාඨ නැති වෙනකොට එයාලගේ ඊළඟ අවස්ථාව වෙලා තියෙන්නේ ජාතිවාදය.

මේකට පැරණි බලපත්‍රයක් තිබෙනවා 2014 වගේ. නමුත් මේක කිසි සේත්ම එතැන් සිට මේක විහාරස්ථානයක් ලෙස හැඳින්වුවාට එතැන් සිට මේක විහාරස්ථානයක් ලෙස මෑත කාලයේ භාවිතා වෙලා නෑ. භාවිත වෙලා තියෙන්නේ ආපන ශාලාවක් විදිහට පාවිච්චි වෙලා තියෙනවා. ආපන ශාලාවේ ඉදි කිරීම් පිළිබඳව ප්‍රශ්නයක් පැන නැගිලා ඒ ආපන ශාලාවේ නීති විරෝධී ඉදි කිරීම් තියෙනවා කියලා ඒ නීති විරෝධී ඉවත් කිරීම් පිලිබඳව වෙරළ සංරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝගයක් ලබා දිලා තිබුණා. ඒ නියෝගයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කරලා තිබුණා.

නාගරික සංවර්ධන අධිකාරිය සමග ඊට පස්සේ පැවැති සාකච්ඡාවකදී හාමුදුරුවන් වහන්සේ ඉල්ලා තිබුණා තව සතියක කාලයක් ලබා දෙන්න කියලා. ඒ කාලේ දෙනවා. ඒ කාලේ ගතවෙන්නේ 14 වැනිදාට. 16 වැනිදා තමයි මේ සිද්ධිය පැන නගින්නේ.. එතකොට මේක ආගමික ස්ථානයක් පිහිටුවීම වගේම වෙනත් කතාවකුත් මේක ඇතුළේ තියෙන බව පේනවා. පොදු ජනතාව හිතන්න පුළුවන් මෙතන විහාරස්ථානයක් තියෙනවා කියලා.. නෑ… එතන ආගමික වතාවත් කරන ස්ථානයක් තිබුණේ නෑ. ඕක තමයි ඇත්ත කතාව.

”ජාතිවාදයට නම් ආයේ ඉඩ තියන්නේ නෑ…”

සිද්ධිය වුණාට පස්සේ දිසාපති කාර්යාලයේ සාකච්ඡාවක් තිබුණා. දිසාපති කාර්යාලයේදී එකඟතාවක් ආවා නියමිත මිනින්දෝරුවෙක් දාලා ඉඩම බෙදලා හරියටම මැනුම් කටයුතු කරලා වෙරළ සංරක්ෂණ එකට අයිති කොටස කෝකද පන්සලට අයිති භූමිය නම් කරලා දෙන්නත් සාකච්ඡාවකට ආවා ඊයේ. අධිකරණය දැන් දීලා තියෙන නියෝගය තමයි අලුත් ඉදි කිරීම් කිසිවක් කරන්න එපා තිබෙන ඉදි කිරීම් ඉවත් කරන්නත් එපා අධිකරණයෙන් තීන්දුවක් ලබා දුන්නාට පසුව අදාළ වැඩකටයුතු කරන්න පුළුවන් කියලා.

දැන් ඇත්තට ගත්තොත් මේ ප්‍රශ්නය අවසන්. දැන් තවත් නටන්නේ ඇයි ?.. අර ජාතිවාදී කණ්ඩායම් දැන් හැම තැනම ගිනි තිය තිය යනවා. අපි ඉතාමත් ශක්තිමත් ජාතිවාදයට නම් ඉඩ තියන්නේ නෑ. මේ රටේ පොදු ජනතාව ජාතිවාදයට ඉඩ දෙන්නෙත් නෑ. ඒ නිසා කවුරු හරි උත්සාහ කරනවානම් නැවත පැරණි ජාතිවාද නාඩගම් මේ රටේ ඇති කරන්න ඒක ඉතිහාසයේම විතරයි. ඒක වර්තමානයත් නෙමෙයි අනාගතයත් නෙමෙයි.”

Latest News

More like this

බුදු පිළිම නාට්‍යය මගේ නම්.. රඟපාන්නේ ආණ්ඩුව… නාමල්

ත්‍රිකුණාමලය සම්බුද්ධි ජයන්ති විහාරයේ සංඝයාවහන්සේලාට පහර දුන් දෙදෙනා අත්...

පුටුවෙන් ඇද වැටුණු බැසිල් නොවැම්බර් 21 නාමල් නැගිට්ටවන්න එයි?

එළැඹෙන නොවැම්බර් 21 වැනිදා පොදු ජන පෙරමුණ සමඟ නාමල්...

බංගලාදේශ හිටපු අගමැතිනිය එල්ලුම් ගහට

බංග්ලාදේශයේ බලයෙන් පහ කරන ලද හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට...

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...