මිනිසුන් තුළ කිසිදා අනාවරණය නොවූ කුරුළු උණ වෛරසයේ ප්‍රභේදයක් එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේ පුද්ගලයෙකුට ආසාදනය වී ඇති බව එක්සත් ජනපදයේ වෛද්‍යවරුන් නිවේදනය කර තිබෙනවා.
වොෂින්ටන් ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු නොවැම්බර් මස මුලදී දරුණු ලෙස රෝගාතුර වූ බව වාර්තා වූ අතර ඔහු අධික උණ, ව්‍යාකූලත්වය සහ දරුණු හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් රෝහල් ගත කළ බව වාර්තා වී තිබුණා.
එහිදී වෛද්‍යවරුන් කළ පරීක්ෂණවලදී ඔහුට කුරුළු උණ වෛරසයේ මිනිසෙකුට කිසිදා ආසාධනය නොවූ නව ප්‍රභේදයක් බවයි අනාවරණය වී ඇත්තේ. එම ප්‍රභේදය මීට පෙර වාර්තා වී ඇත්තේ කුරුල්ලන් තුළ පමණක් බව වෛද්‍යවරුන් පවසා තිබෙනවා.
වොෂින්ටන් ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මාධ්‍ය හමුවකදී පවසන්නේ රෝගියා “වයසින් වැඩි අයෙකු බවයි. එමෙන්ම ඔහුට වෙනත් රෝග සංකූලතා ඇති බවත් ඔවුන් පවසා තිබෙනවා. රෝගියාට මුලින් ප්‍රතිකාර කරනු ලැබුවේ සියැටල් සිට සැතපුම් 100 ක් පමණ දුරින් පිහිටි ග්‍රේස් හාබර් ප්‍රාන්තයේ වෛද්‍යවරුන් විසිනි. ඔවුන්ගේ තත්ත්වය විශේෂඥ අවධානයක් අවශ්‍ය වූ අතර කිං ප්‍රාන්තයේ රෝහලකට මාරු කර යැවූ බව සඳහන් කර තිබෙනවා.
වෛද්‍යවරුන් විසින් පරීක්ෂණවලට අනුව මෙම පුද්ගලයාට H5N5 ආසාදනය වී ඇති බව සොයා ගෙන තිබෙනවා. එය මීට පෙර වාර්තා වුයේ කුරුල්ලන් තුළ පමණි. මේ දක්වා, මිනිසුන් තුළ කුරුළු උණ රෝගීන්ගෙන් වාර්තා වන්නේ H5N1 වෛරසය පමණි. ඒ අනුව විශේෂඥයින් පවසන්නේ මෙම සිද්ධිය වෛරසයේ “අනපේක්ෂිත” පරිණාමය පෙන්නුම් කරන බවයි.
මෙය සම්පූර්ණයෙන්ම අලුත් හෝ නොදන්නා කුරුළු උණ ප්‍රභේදයක් නොවන බව ද නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. එකම දෙය නම් මෙය මිනිසෙකු තුළ සොයාගත් පළමු අවස්ථාව වීමයි. රෝගියා සමඟ සම්බන්ධ වී රෝග ලක්ෂණ ඇති අනෙකුත් අය ද පරීක්ෂාවට ලක් කර ඇතත් මේ දක්වා මෙම කුරුළු උණ රෝග ප්‍රභේදයේ වෙනත් කිසිදු සිද්ධියක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.
