විශ්ව රූ රැජින තරගය අවුල් ජාලාවක් වේ… තරගය දූෂිත බව පවසමින් ජූරි සභිකයකු ඉල්ලා අස් වෙලා..

74 වන විශ්ව රූ රැජින තරඟයේ ජූරි සභිකයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවයක් නොමැති බව පවසමින් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු ඉල්ලා අස්වීමට පෙර ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ජූරි සභික ඕමාර් හාෆුච් නිවේදනය කළේ උත්සවය සඳහා ඔහු රචනා කළ සංගීතය වාදනය කිරීමෙන් ද වැළකී සිටින බවයි.

මෙම වසරේ ජූලි මාසයේදී සුප්‍රසිද්ධ ප්‍රසංග පියානෝ වාදකයෙකු සහ රචකයෙකු වන ඔහුට නිල විනිශ්චය මණ්ඩලයට එක්වීමට ආරාධනා ලැබී තිබෙනවා.

මිස් යුනිවර්ස් සභාපති රාවුල් රොචා සමඟ “අගෞරවනීය සංවාදයකින්” පසුව තරඟයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියා පටිපාටි පිළිබඳව සිය කණස්සල්ල පල කරන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු පවසන ආකාරයට නිල ජූරියට අමතරව නිල නොවන ජූරියක්ඔහු පවසන ආකාරයට නිල ජූරියට අමතරව නිල නොවන ජූරියක් තරගයෙ අවසන් තීරණ ගැනීම් පිටුපස ක්‍රියාත්මකය. එම නිල නොවන ජූරි සභාව ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල කළමනාකරණය කිරීම ඇතුළුව තීරණාත්මක බලපෑමක් සිදු කරනු ලබනවා. විශේෂයෙන් එම නිල නොවන ජූරිය සමන්විත වන්නේ විශ්ව රූ රැජින තරගයට ඉදිරිපත් වී සිටින තරගකාරියන් කිහිප දෙනෙකු සමඟ ඇති පෞද්ගලික සබඳතා ඇති පුද්ගලයින් කිහිප දෙනෙකුගෙනි.

එම තත්ත්වය විශාල ගැටුමක් නිර්මාණය කරන බව ඔහු පෙන්වා දී තිබෙනවා.

ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කරන ලද සටහන් කිහිපයකින් පසු, හාෆුච් තම තනතුරෙන් ඉල්ලා අස්වීමට හේතුව පැහැදිලි කරමින් “මෙම ප්‍රෝඩාවේ කොටසක් වීම” ප්‍රතික්ෂේප කරන බවයි පවසා ඇත්තේ.

තමා ඇතුළු නිල විනිසුරුවන් අට දෙනා නොමැති ව සිදු කළ මූලික තේරීම් පිළිබඳ සිය අප්‍රසාදය විශ්ව රූ රැජින කමිටුවට දැනුම් දුන් බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

74 වන විශ්ව රූ රැජින තරගය ආරම්භයේ සිටම මතභේදාත්මක වූ එකක් අතර එහි අධ්‍යක්ෂවරයෙකු වන නවත් ඉට්සරග්‍රිසිල් නොවැම්බර් 4 වන දින, මෙක්සිකානු රූ රැජින ෆාතිමා බොෂ්ට පරිභව කිරීමේ සිදුවීමකින් පසු තරගකාරිනියන් කිහිප දෙනෙකුම ඊට විරෝධය පළ කරමින් තරගයෙන් ඉවත් වීමට සූදානම් වුණා.

මෙම මතභේදය අවසන් වූයේ නොවැම්බර් 21 වන දින පැවැත්වීමට නියමිතව තිබූ විශ්ව රූ රැජින තරඟයෙන් නවත් ඉට්සරග්‍රිසිල් ඉවත් කිරීමත් සමඟ ය.

මෙවර විශ්ව රූ රැජින තරගය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් එයට සහභාගී වන්නේ ලිහාෂා ලින්ඩ්සේ වයිට් ය.

Latest News

More like this

BTS ඉන්දියාවට…

ලෝක ප්‍රකට K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළැඹෙන 2026...

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...