නාමල්ගේ උපාධි සහතිකවල දින පැටලිලා.. නලින්දගෙන් හෙළිදරව්වක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීම, ඔහු එංගලන්තයේ ලබාගත් උපාධිය මෙන්ම ඔහුගේ නීතිඥභාවය පිළිබඳ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කිරීමක් සිදු කළා.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීම සඳහා නීති විභාගයක් නොමැතිව අවස්ථාව ලැබෙන්නේ ලෝකයේ පිළිගත් නීති උපාධි ලබා දෙන ආයතනවලින් උපාධිය ලබා ගත් අයට පමණක් බව අමාත්‍යවරයා කියා සිටියා.

ඔහු උපාධිය ලබා ඇති City University London ආයතනය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ලියාපදිංචි වී ඇත්තේ 2009 ඔක්තෝබර් 15 වන දිනයේය.

කෙසේ වෙතත්, නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයට ඇතුළත් වීම සඳහා අයදුම්පත භාර දී ඇත්තේ එම ආයතනය නීති විද්‍යාලය විසින් පිළිගැනීමට පෙර, එනම් 2009 සැප්තැම්බර් 25 වන දිනදී බව අමාත්‍යවරයා සඳහන් කරනු ලැබුවා.

එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා ශාස්ත්‍රපති උපාධියට ලියාපදිංචි වීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කර ඇති City University London ආයතනයෙන් ලබාගත් උපාධි සහතිකය නිකුත් කළ දිනය වන්නේ 2009 සැප්තැම්බර් 15 වැනිදාය.

සහතිකයට අත්සන් තැබූ උපකුලපතිවරයා 2009 ජූලි 23 වන දින ඉල්ලා අස් වී ඇති වී ඇති බවද ඔහු පැවසුවා. උපකුලපතිවරයා ඉල්ලා අස් වී දින 54කට පසුවත් එම පුද්ගලයා උපකුලපති ලෙස උපාධි සහතිකයට අත්සන් කර තිබීම, සහතිකයේ වලංගුභාවය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මතු කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

නාමල් රාජපක්ෂ මහතාට හිමි වී ඇත්තේ Bachelor of Laws with Honours Class Three (තුන්වන පන්තියේ ගෞරව උපාධියක්) බව වාර්තාවල සඳහන් වන අතර මෙම මට්ටමේ උපාධියක් ලබාගෙන එක්සත් රාජධානියේ නීතිඥ මණ්ඩලවලට ඇතුළත් වීමට පවා නොහැකි බවද ඔහු කියා සිටියා.

ඒ අනුව නලින්ද අමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා අද පස්වරුවේ හෝ පැමිණ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් පැහැදිළි කිරිමක් සිදු කරනු ඇති බවට තමා බලාපොරොත්තු වන බවයි.

Latest News

More like this

නිවාස පිරිසිදු කර ගැනීමේ රු 25,000 ක මුදල ගන්න ආණ්ඩුවේ නිලධාරීන් හතරක් සහතික කරන තෙක් ඉන්න වෙලා

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ඇතිවුණු ආපදා තත්ත්වය හමුවේ විපතට...

ජපානයට 8.0ක මෙගා භූමිකම්පාවක් සිදුවන බවට අනතුරු ඇඟවීමක්..

ජපානයේ කාලගුණ අංශ විසින් රටට ඉක්මණින් බලපෑ හැකි 'මෙගා'...

තවත් කුණාටුවක්.. කාලගුණ දෙපාර්තමේන්තුව හා BBC කියයි

බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වූ කුණාටුවක් ශ්‍රී ලංකාවට ඇතුළු...

බුදුන්ගේ රස්තියාදුව කෘතියෙන් අපහාසයට එහා අපරාධයක් කරලා..

බුදු දහමට සහ ගෞතම බුදුන් වහන්සේට අපහාසවන බවට ආන්දෝලනයට...