සජීව් රාජපුත්‍රගේ නෝනා ආසාවටවත් බස් එකක, කෝච්චියක, මහ පාරේ ඇවිදගෙන ගිහින් නැති කෙනෙක් වෙන්න ඕන.
ඒ කියන්නේ එයාට මේ ජීවිත කාලය තුළ මඟ තොටේ දී පොදු ප්‍රවාහනයේ දී සාමාන්‍ය ගැහැණු දරුවෙකුට, ගැහැණියකට අත් විඳින්න වුණු පොදු අමිහිරි අත්දැකීමකට මුහුණ පාන්න වෙලාම නැහැ.
එයා කියන විදියට ගැහැණු ළමයෙකුට සිද්ධ වෙන හැම අතවරයකටම අපචාරයකටම මුල ඇඳුම නම් එයා යන හැම තැනම ගිහින් ඇත්තේ පන්සල් යනවා වගේ හිසේ සිට දෙපතුළටම වහගෙන.
එයා කියන විදියට එහෙම ඇඳගෙන ගියත් බැහැ, ඇස් දෙකෙන් බැල්මක්වත් නොදී ඉන්න ගැහැණු දරුවෙකුට පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ එයා ඇහැක්වත් ඇරලා පිරිමියෙක් දිහා බලලා නැහැ.
ඒ විතරක් නෙවෙයි අතවරයක් වෙන්න යනවා නම් ගැහැණු ළමයෙක් ඇස්වලින් ඔරොවලා බැලුවම ඒ වෙන්න යන විනාශෙන් ගැලවෙන්න පුළුවන්.
එතකොට ඒ ඕනම පාදඩකයෙක් අනේ මම බයයි කියලා හැරිලා යනවා.
ගැහැණු දරුවෝ දෙන්නෙක්ද තුන්දෙනෙක්ද මන්දා ඉන්න අම්මා කෙනෙක් විදියට මයික් එක ඉස්සරහට ඇවිත් පුළුවන් තරම් පවුල් කන හැටි ගැන උපදෙස් දෙන වෙලාවේ තමන්ගේ දුවලා දෙන්නා දිහා ඇස් ඇරලා බැලුවා නම් ඔහොම ගොන් අදහසක් කියන්න තියා ඔළුවටවත් එන්න විදියක් නැහැ.
ඇත්තටම රාජපුත්‍ර මහත්තයා ඔය කතාව කිව්ව නම් හිත හදාගන්න තිබ්බා එයා පිරිමියෙක්නේ කියලා. ඒත් ගැහැණියක් විදියට ගැහැණියකට ගැහැණු දරුවෙකුට තියෙන අතිශය සංවේදී ප්‍රශ්ණයක් ගැන ඒ තරම් දියාරු විදියට කතා කරන එක හිතාගන්න අමාරුයි.
මයික් ඉස්සරහට එන මිනිස්සු මීට වඩා මහපොළොවට සංවේදී වුණා නම් කොච්චර වටිනවද?
