කාන්තාවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකුට සමීප සහකරුගෙන් ලිංගික හිරිහැර

ගෝලීයව කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ආසන්න වශයෙන් සිය සමීප සහකරුගෙන් හෝ ලිංගික හිංසනය අත්විඳ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය බදාදා ප්‍රකාශ කරනු ලැබුවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනාවරණය කරනු ලැබුවේ කිසිදු සමාජයකට “ජනගහනයෙන් අඩක් බියෙන් ජීවත් වන අතරතුර තමන් සාධාරණ, ආරක්ෂිත හෝ සෞඛ්‍ය සම්පන්න යැයි කියා ගත නොහැකි” බවට අනතුරු අඟවමිනි.

“කාන්තාවන්ට එරෙහි හිංසනය මානව වර්ගයාගේ පැරණිතම සහ වඩාත්ම පැතිරුණු අසාධාරණයන්ගෙන් එකකි. නමුත් තවමත් අවම වශයෙන් ක්‍රියාමාර්ග ගෙන ඇති එකකි” ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් නිවේදනය නිකුත් කරමින් පවසා තිබෙනවා.

ගෝලීය වශයෙන් කාන්තාවන් තුනෙන් එකක් ඔවුන්ගේ ජීවිත කාලය තුළ එනම් මිලියන 840 ක් සමීප සහකරුවෙකුගෙන් නැතහොත් ඔවුන් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක සිටින කෙනෙකුගෙන් ලිංගික හිංසනයට මුහුණ දී ඇති බව ඇස්තමේන්තු කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකිනි.

පසුගිය වසරේ පමණක් වයස අවුරුදු 15 ට වැඩි කාන්තාවන්ගෙන් සියයට 11 ක් සිය සමීප සහකරුවෙකුගෙන් ශාරීරික හෝ ලිංගික හිංසනයට මුහුණ දී ඇති බව වාර්තාව පෙන්වා දෙනවා.

මෙම විශ්ලේෂණය රටවල් 168 ක් පුරා 2000 සහ 2023 අතර එකතු කරන ලද දත්ත ආවරණය කරනු ලබන අතර “ගැඹුරින් නොසලකා හරින ලද අර්බුදයක තියුණු චිත්‍රයක්” හෙළි කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.කෙසේ වෙතත් පසුගිය දශක දෙක තුළ සමීප සහකරුගෙන් වන ලිංගික හිංසන වාර්ෂිකව සියයට 0.2 කින් පමණක් අඩු වී ඇති බවද වාර්තාව පෙන්වා දෙනවා.

Latest News

More like this

සංක්‍රාන්තික ලිංගික පුද්ගලයින්ගෙන් බහුතරය ලිංගික ශ්‍රමික රස්සාව තෝරාගෙන…

මෙරට සිටින සංක්‍රාන්තික ලිංගිකභාවයක් (Transgender Sex) සහිත පුද්ගලයින්ගෙන් සියයට...

පුරවැසියෙක් වීම පුරුෂ ලිංගය එළියට දානවට වඩා ලොකු වැඩක්… නවසීලන්ත ජාතික තරුණියට ආචාරය

නවසීලන්ත ජාතික තරුණියගේ මේ ලස්සන වචන ටිකට පින් දෙන්න...

නාමල්ගේ උපාධි සහතිකවල දින පැටලිලා.. නලින්දගෙන් හෙළිදරව්වක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට...

මිනිසුන් තුළ කිසිදා වාර්තා නොවූ කුරුළු උණ ප්‍රභේදයක් වැළඳුණු මිනිසෙකු අනාවරණය වේ

මිනිසුන් තුළ කිසිදා අනාවරණය නොවූ කුරුළු උණ වෛරසයේ ප්‍රභේදයක්...