සංක්‍රාන්තික ලිංගික පුද්ගලයින්ගෙන් බහුතරය ලිංගික ශ්‍රමික රස්සාව තෝරාගෙන…

මෙරට සිටින සංක්‍රාන්තික ලිංගිකභාවයක් (Transgender Sex) සහිත පුද්ගලයින්ගෙන් සියයට 25ත්-30ත් අතර සංඛ්‍යාවක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති බව නව සමීක්ෂණයකින් හෙළිදරව් කර තිබෙනවා.

මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයින් වෙනුවෙන් පෙනී සිටින පදනම මඟිනි.

දැනට මෙරට තුළ සංක්‍රාන්තිකයින් (Transgender) සැලකිය යුතු පිරිසක් සිටින බව එම වාර්තාව පෙන්වා දී තිබෙනවා. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා රැකියාව ලෙස සංක්‍රාන්තික ලිංගික ශ්‍රමික (Transgender Sex workers) තෝරාගෙන ඇති බව එම පදනම සඳහන් කරනවා.

මින් බොහෝ පිරිසක් සංක්‍රාන්තිකයින් ලිංගිකභාවය සහිත පුද්ගලයින් බැවින් තම පවුල්වලින් හා නිවෙස්වලින් ඉවත් කිරීම නිසා සංක්‍රාන්තික ලිංගික ශ්‍රමික (Transgender Sex workers) වෘත්තිය තම රැකියාව ලෙස තෝරාගෙන තිබෙනවා.

බොහෝ පිරිසක් අයිස්, හෙරෝයින්, ගංජා, මත්පෙති වැනි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇත්තේ මෙම වෘත්තීයේ ඇති නිදහස් භාවය නිසා බවයි වාර්තාව වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ.

මෙය මෙරට තුළ සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයින් (Transgender Sex workers) ප්‍රධාන ගැටලුවක් වන අතර මෙයට අමතරව පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පහරදීම් මෙන්ම මත්ද්‍රව්‍ය දමා චෝදනා ගොනුකරමින් අනීතික ලෙස අත්අඩංගුවට ගෙන සිරගත කිරීම සහ සමාජයෙන් ඔවුන්ට එල්ලවන තාඩන පීඩන සම්බන්ධයෙන් ද වාර්තා වෙනවා.

ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කරමින් ලිඛිතව පොලිස් මූලස්ථානය වෙත දැනුම්දීමක් ද කර ඇති බව සඳහන්ය.

මෙයට අමතරව හදිසි අවස්ථාවකදී රෝහල්ගත කිරීමේදී ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳව අදාළ බලධාරීන්ගේ නොදැනුවත්කම නිසා ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බව වාර්තාව පවසනවා.

එහිදී ඔවුන්ට නීතිඥවරයකුගේ මෙන්ම පොලීසියේ සහාය ද ලබා ගැනීමට සිදුව ඇති බැවින් මේ සම්බන්ධව අවධානය යොමු කරන ලෙස ද ඔවුන් පොලිස්පතිවරයාට දන්වා යැවූ ලිපියේ සඳහන්ය

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තාවක් මඟින් පොලිස් මූලස්ථානය ඇතුළු රජයේ වගකිය යුතු ස්ථාන දැනුවත් කිරීමට ද බලාපොරොත්තු වෙන බව සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයින් වෙනුවෙන් පෙනී සිටින පදනම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

ජාතික අධ්‍යාපන ආයතනයේ ඩීජී ඉල්ලා අස්වීම ප්‍රමාණවත්ද?? අමාත්‍යවරිය හා ලේකම් කුමක් කළ යුතුද?

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයට දරුවන්ට නුසුදුසු සමලිංගික ප්‍රජාව...

කෝටි 6ක් වියදම් කර මුද්‍රණය කළ ඉංග්‍රීසි මොඩියුලයේ සමලිංගික පිටු ගලවා බෙදන්න නියෝගයක්

ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සකස්කර මුද්‍රණය කෙරුණු හයවැනි ශ්‍රේණියේ...

සමලිංගික මොඩියුලයට ජාතික අධ්‍යාපන ආයතනයේ ඩීජී බෙල්ල තියයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ...

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...