දලයිලාමාතුමන් ග්‍රැමී සම්මානයට නිර්දේශ වේ

අධ්‍යාත්මික නායක දලයි ලාමාතුමන් මෑතකදී උන්වහන්සේගේ Meditations: The Reflections of His Holiness the Dalai Lama ඇල්බමය වෙනුවෙන් පළමුවරට ග්‍රැමී සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා.

මෙම ඇල්බමය 68 වන වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙල සඳහා නිර්දේශ වී ඇත්තේ හොඳම Audio Book, Narration සහ Storytelling Recording යන කාණ්ඩය යටතේය.

ප්‍රධාන පෙළේ ඉන්දියානු සංගීතඥයන් දලයි ලාමාතුමන් සමඟ සම්බන්ධ වීමෙන් මෙම ඇල්බමය නිර්මාණය කර ඇති බවයි සඳහන් වන්නේ.

අනුකම්පාව, සාමය, මනුෂ්‍යත්වයේ ඒකීයභාවය පිළිබඳ හැඟීම, පරිසරය සහ උන්වහන්සේගේ ශුද්ධභාවයේ ප්‍රධාන පණිවිඩ පිළිබිඹුවන ආකාරයෙන් ඇල්බමයේ සංගීතය නිර්මාණය කර තිබෙනවා.

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...