ජනපති අනුර මත්ද්‍රව්‍ය ජාවාරම් තුරන් කිරීමේ සටනට බහී

කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේවන විට පිහිටුවා ඇති අතර දරුවන් මත්කුඩු ව්‍යසනයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම තමාගේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් රජය ආරම්භ කළ ‘රටම-එකට’ ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහනට එක් වෙමින් ඊයේ (20) ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

සන්නද්ධ අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාලය බැඳුනු අපරාධකරුවන් මේ දක්වා ප්‍රබල තැනකට වර්ධනය වුණේ දේශපාලන ආශිර්වාදය හා රැකවරණය මත බැවින් කිසිදු අපරාධකරුවෙකුට මත්ද්‍රව්‍ය ජාලය හා සම්බන්ධ කිසි කෙනෙකුට වර්තමාන පාලනය තුළ දේශපාලනය රැකවරණය නොලැබෙන බවයි එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජාතියක් ලෙස මේ මොහොතේ මුහුණ දී සිටින විනාශකාරීම ගැටලුව වන මෙම මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදවා ගැනීමට එක් වී කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා පවසීය.

ජනාධිපතිවරයා පැවසුවේ මත්ද්‍රව්‍ය හා බැදුණු කළු ආර්ථිකය රටෙහි සංවර්ධනයට හා සාමය විශාල මරු පහරක් වී ඇති බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා..

වසර ගණනාවකින් ව්‍යාපාරවලින් සොයා ගත නොහැකි මුදල් මත්ද්‍රව්‍ය හරහා එක් බෝටුව්වකින් සොයා ගත හැකි කාලයක් නිර්මාණය වී ඇති බවත් ඒ ඔස්සේ විශාල මුදලක් රට තුළ සංසරණය වන බවත් මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා අවධාරණය කරනු ලැබුවා.

ඔවුන් සතුව ඇති අති විශාල ධනය හරහා දුර්වල රාජ්‍ය නිලධාරීන් මිලදී ගන්නා අතර රාජ්‍ය යාන්ත්‍රනය බියට පත් කරමින් තමන්ට අවශ්‍ය දේ සිදු කර ගැනීමට පෙළෙඹන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ජීවිතය පිළිබඳ කිසිදු වටිනාකමක් නොමැති තරුණයින් යොදා ගනිමින් නීති විරෝධී සන්නද්ධ කණ්ඩායම් පාතාල ක්‍රියාකාරීන් විසින් ගොඩ නගා ඇති අතර ඒ හරහා මත්ද්‍රව්‍ය ජාවාරම වර්ධනය කර ගන්නා බවද සඳහන් කර සිටියා.

රාජ්‍ය නිලධාරීන් සඳහා තෝරා ගැනීමට මාර්ග ද්විත්වයක් ඇති බව අවධාරණය කළ ජනාධිපතිවරයා, මෙම ගැටලු පිළිබඳ නොදැක්කා සේ තමන්ගේ පාඩුවේ හිදිමින් මෙම තත්ත්වය වර්ධනය වීමට ඉඩ හැරීම එක් මාර්ගයක් වන අතර රාජකාරීයේ වගකීම මහජනතාව වෙනුවෙන් ඉටු කරමින් මෙම ව්‍යසනයට එරෙහුව සටන් කිරීම අනෙක් මාර්ගය වන බවයි ඔහු සඳහන් කළේ.

මීට පෙර පැවති රජයන්හි ජනපති ආරක්ෂක අංශවල හා කෘත්‍යාධිකාරී මණ්ඩලවල පවා පාතාල ක්‍රියාකාරීන් සිටි අතර ඔවුන්ට අවශ්‍ය රැකවරණය හා ආශීර්වාදය දේශපාලකයින් විසින් ලබාදුන් බව කියා සිටි ජනාධිපතිවරයා කිසිදු අපරාධකරුවෙකුට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු අයට මෙම රජයෙන් දේශපාලන රැකවරණය ලබා නොදෙන බවද අවධාරණය කර සිටියා.

Latest News

More like this

විමුක්ති ගැන පළමු වරට හිටපු ජනපතිනියගෙන් ඉඟියක්..

2029 ජනපතිවරණයට මෙරට ප්‍රබල දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන...

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...