විශ්ව රූ රැජින කිරුළ තායිලන්ත සංවිධායකයා අමානුෂික ලෙස බැණ වැදුණු මෙක්සිකෝවේ ෆාතිමා බෝෂ්ට….

මෙක්සිකෝ රූ රැජින ෆාතිමා බෝෂ් නව විශ්ව රූ රැජින ලෙස කිරුළු පළඳා තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ ආරම්භ කරන ලද මිස් යුනිවර්ස් හෙවත් විශ්ව රූ රැජින තරගය පෘථිවියේ දීර්ඝතම කාලයක් පවතින රූපලාවන්‍ය තරඟාවලියකි. එහි 74 වැනි තරගය මෙවර තායිලන්තයේ පැවැත්වුණු අතර අවසාන තරගය අද (21) පැවැත්වුණා.

එහිදී 25 හැවිරිදි ෆාතිමා බෝෂ් කිරුළ දිනා ගැනීමට සමත් වුණා. ඇය නොවැම්බර් මාසයේ මුලදී මෙම තරගයේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ තායිලන්ත සංවිධායක නවත් ඉට්සරග්‍රාසිල් විසින් දුසිම් ගණනක් වූ තරගකාරියන් අතර බැණ වැදුණු රූමතියයි. එම අවාසනාවන්ත සිදුවීමෙන් පසු බෝෂ් තරගයෙන් ඉවත් වීමට සූදානම් වූ අතර ඇයට තවත් තරගකාරිනියන් කිහිප දෙනෙක් සහයෝගය ලබා දුන්නා.

එම සිදුවීම මෙවර රූ රැජින තරගයේ වඩාත්ම අපකීර්තිමත් සිදුවීම බවට පත් වූ අතර සංවිධායක නවත් පසුව මාධ්‍ය ඉදිරියේ සමාව ගැනීමෙන් පසු ඇය නැවත තරගයට එක්ව තිබුණා.

තරඟයේදී තායිලන්තයේ ප්‍රවීනාර් සිං දෙවන ස්ථානයට පත්වූ අතර අනෙක් ඉහළම පස් දෙනා අතරට වෙනිසියුලාව, පිලිපීනය සහ අයිවරි කෝස්ට් යන රටවල් ඇතුළත් ය.

Latest News

More like this

BTS ඉන්දියාවට…

ලෝක ප්‍රකට K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළැඹෙන 2026...

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...