අපි නැවක් හැදුවා.. ලැබෙන මුල්ම අවස්ථාවේ හැප්පිලා ආණ්ඩුව කුඩුපට්ටම් කරනවා… නාමල්

විපක්ෂයේ පක්ෂ විශාල ප්‍රමාණයක් ඒකාබද්ධ කරමින් තමන් නැවක් නිර්මාණය කර ඇති අතර එය නිර්මාණය කළේ නැංගුරම් ලා තබා ගැනීමට නොවන බවත් ඉදිරියටම යමින් ආණ්ඩුව කුඩුපට්ටම් කිරීම සඳහා ඒ නැව යොදා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා තිබෙනවා.

එබැවින් බොරුව නවත්වා වැඩ කරන එක පටන් ගන්නා ලෙස ඔහු ආණ්ඩුවට අභියෝග කරනු ලැබුවේ ඊයේ (21) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වූ ආණ්ඩුවට එරෙහිව පැවති ‘මහා ජනහඬ’ ජන රැලිය අමතමින්ය.

එසේ නොවුණොත් ලැබුණු පළමු අවස්ථාවේම ආණ්ඩුව පලවාහැරීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්‍ෂ….,

“අද මේ රටේ ජනතාවට ප්‍රශ්න කප්පරක් තියෙද්දී ආණ්ඩුව ජනතාවගෙන් බදු ගහලා හූරගෙන කාපු සල්ලිවලින් කැබ්රථ 1700ක් ගෙන්වනවා. මේ අය පොරොන්දු වුණේ මේවාද? එදා ආණ්ඩුවේ නායකයෝ අමුඩෙ ගහගෙන කුඹුරට බැස්සේ. ඒ නායකයෝ අද ටයි කෝට් දාගෙන කොළඹට වෙලා ඉන්නවා.

අපි මේ රටේ රාජ්‍ය සේවකයාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබලා කොන්ද කෙලින් තියාගෙන හරි දේ කරන්න. ආණ්ඩුවත් එක්ක තියන දේශපාලන ප්‍රශ්න අපි විසඳා ගන්නම් කියලා. ඒ වගේම අපි ජනාධිපතිවරයාටත් කියනවා අපි හැමෝම එකතුවෙලා අද නැවක් හදලා තියෙනවා. නැව හැදුවේ මුහුදේ නැංගුරම් දාලා තියාගන්න නෙමෙයි. මොන බාධක ආවත් අපි මේ නැව ඉදිරියටම ගෙනහිල්ලා ඔබතුමාගේ ආණ්ඩුව කුඩුපට්ටම් කරනවා කියලා. ඉතිහාසයේ පළමු වතාවට මේ රටේ සංස්කෘතිය රාජ්‍ය අනුග්‍රහය ඇතිව විනාශ කරන ආණ්ඩුවක් අද බිහිවී තිබෙනවා. මේවා පෙන්වා දෙනකොට අපි ජාතිවාදීන් කියලා හංවඩු ගහනවා. අපි ආණ්ඩුවට කියනවා ජාතිවාදය නෙමෙයි මහත්තයෝ ඇත්ත ඇති සැටියෙන් දකින්න අපිට කොන්දක් තියෙනවා.”

Latest News

More like this

විමුක්ති ගැන පළමු වරට හිටපු ජනපතිනියගෙන් ඉඟියක්..

2029 ජනපතිවරණයට මෙරට ප්‍රබල දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන...

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...