Avatar අලුත්ම චිත්‍රපටයේ වරන්ග් ලෙස රඟපාන චාලි චැප්ලින්ගේ මිණිපිරිය

අධ්‍යක්ෂ ජේම්ස් කැමරන්ගේ ‘Avatar’ චිත්‍රපට මාලාවේ මීළඟ චිත්‍රපටය ‘Avatar: Fire & Ash’ දුෂ්ටයා වන වරන්ග්ගේ චරිතය රඟ දක්වනු ලබන්නේ ඕනා චැප්ලින් විසිනි.

ඕනා චැප්ලින් යනු ලෝක ප්‍රසිද්ධ ප්‍රහසන රංගවේදියා වන චාලි චැප්ලින්ගේ මිණිපිරියයි.

ඕනා චැප්ලින් යනු ගේම් ඔෆ් ත්‍රෝන්ස්, ද ක්‍රිම්සන් ෆීල්ඩ් සහ ටැබූ වැනි කතාමාලාවල චරිත සඳහා ප්‍රසිද්ධ ස්පාඤ්ඤ-බ්‍රිතාන්‍ය නිළියකි. ඇය චාලි චැප්ලින්ගේ මිනිබිරිය සහ නාට්‍ය රචක ඉයුජින් ඕ’නීල්ගේ මී මිණිබිරියයි.

මැඩ්රිඩ් හි උපත ලැබූ ඇය නිළි ජෙරල්ඩින් චැප්ලින්ගේ දියණියයි. ඇය තම පවුලේ අය සමඟ ලොව පුරා සංචාරය කරමින් හැදී වැඩුණු අතර බහු භාෂා කතා කරන්නියකි.

Latest News

error: Content is protected !!