යුක්‍රේන සොල්දාදුවන්ගේ ජීවිත බේරාගැනීමට ඉදිරිපෙළ සටන් කරන රොබෝවරු…

යුක්‍රේනයේ නැගෙනහිර ඝාතන කලාපයේ පොක්‍රොව්ස්ක් නගරයේ රුසියානු ඩ්‍රෝනා යානා මගින් දැඩි ලෙස ඉලක්ක කරගත් ප්‍රදේශය හරහා ආහාර, ජලය සහ පතොරම් ගෙනයාම සඳහා මිනිසුන් රහිත රොබෝවරුන් ලෙස ක්‍රියා කරන භූමි වාහන (UGV) යොදා ගැනීමට යුක්‍රේන ආරක්ෂක හමුදා පියවර ගෙන තිබෙනවා.

යුධ මෙහෙයුම් අතරතුර යුක්‍රේන හමුදා මෙම රොබෝවරු ‘Toys’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබනවා.

මෙම රොබෝ උපකරණ සටන් භූමියේදී 5වැනි බල සේනාව විසින් භාවිත කරනු ලබන බවයි වාර්තා වන්නේ.

රුසියාව යුක්‍රේනයේ සැපයුම් මාර්ග අවහිර කරමින් ප්‍රහාර එල්ල කරමින් සිටින අතරතුර සන්නද්ධ වාහනවලින් හෝ පයින් ගමන් කිරීම අතිශයින් අවදානම් සහගත වී තිබෙනවා.

කුඩා ටැංකි ලෙස දිස්වෙන රොබෝවරු මෙම පටුමාර්ගවල ගමන් කිරීමට හොඳින් ගැළපෙන බව සඳහන් ය.

ඒවා කිලෝමීටර කිහිපයක් දුරට දුරස්ථ පාලකයක් මගින් ධාවනය වෙනවා.

“පොක්‍රොව්ස්ක් පෙරමුණ සඳහා මෙන්ම හත්වැනි බලකායේ සියලුම සැපයුම්වලින් 90% ක් පමණ සැපයීම සිදු කරන්නේ මෙම යන්ත්‍ර මගිනි.

රොබෝවරු ප්‍රධාන වශයෙන් භාවිත කරනු ලබන්නේ රාත්‍රියේදීය. සොල්දාදුවන් ඒවාට ජලය, ඉන්ධන හෝ පතොරම් පටවා වෑන් රථයකින් එළියට ඇද දමනවා. ක්‍රියාකරු සම්බන්ධතාවය තහවුරු කළ පසු, යන්ත්‍රය තනිවම ඉදිරියට යන බව පැවසෙනවා.

පසුගිය වසරේ සිට සමහර බලසේනාවන් මෙම ගොඩබිම් ඩ්‍රෝන යානා භාවිතා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. නමුත් රුසියානු ප්‍රහාර නිතිපතා සිදුවන බැවින් සැපයුම් කටයුතු දුෂ්කර වී තිබෙනවා. රොබෝ යන්ත්‍රවලට ඉල්ලුම ද වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

ජීවන් තොණ්ඩමන් ඉන්දීය සුරූපිනියක් සමඟ යුග දිවියට

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

ඉන්දීය ක්‍රිකට් තරුව ස්ම්‍රිති මන්දානාගේ විවාහය පැය කිහිපයක් ඉතිරිව තිබියදී හදිසියේ නවතී….

ඉන්දීය ක්‍රිකට් තරුවක් හා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උප නායිකාව...

නුවරඑළිය නගරාධිපතිගේ ආසාවක් ඉෂ්ට කරගන්න වියදම මිලියන 135යි.. විපක්ෂයෙන් දැඩි විරෝධයක්

නුවරඑළිය මහ නගර සභාවේ මහ නගාරාධිපතිවරයා නව නිල රථයක්...

ඉන්දියානු කෝටිපති පුතාගේ මංගල උත්සවය සඳහා ලංකාව තෝරාගෙන…

රමුඛ පෙළේ ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන මොහාන් සුරේෂ් ඔහුගේ පුත්...