පුරාවිද්‍යා බෝඩ් ඉවත් කිරීමට එරෙහිව විමල් පෙරට එයි..

රජයේ මැදිහත්වීමෙන් පුරාවිද්‍යා රක්ෂිතවල භූමි සලකුණු ඉවත් කිරීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා දැඩි ලෙස චෝදනා කර තිබෙනවා.

මඩකළපුවේ වාලච්චේනේ පුරා විද්‍යා රක්ෂිත භූමිවල ගසා තිබූ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් බෝඩ් කිහිපයක් ප‍්‍රාදේශ සභාවේ සභාපති ඇතුළු පිරිසක් පැමිණ ඉවත් කළ බවට ඉකුත් දා වාර්තා වුණා.

එම පිරිස වළවල් හාරා, පුරා විද්‍යා බෝඩ් ගලවා ඒවා කුණු ගෙනියන ලොරියක දමාගෙන රැගෙන ගිය බව ඔහු පෙන්වා දෙනවා.

ජන හමුවක් අමතමින් ඔහු පවසන්නේ මෙම සිදුවීමට විරුද්ධ වන අය ජාතිවාදීන් ලෙස හංවඩු ගැසීම තුළින් සංහිඳියාවක් ඇති කළ නොහැකි බවයි.

මෙම ක්‍රියාව “සංහිඳියාව” නම්, ඊට විරුද්ධව වචනයක් හෝ කතා කළහොත් “ජාතිවාදය” යැයි චෝදනා එල්ල වන බව ඒ මහතා පවසනවා.

පුරා විද්‍යා බෝඩ් ටික ගලවාගෙන යන්න ඉඩ දී බලන් සිටින්නේ කවුරුන්දැයි හිටපු ඇමතිවරයා ප්‍රශ්න කර තිබෙනවා.

එමෙන්ම ඔහු වැඩිදුරටත්, දමිළ අලුත් පරම්පරාවට “කොටින්ව බෞතිස්ම කරන්න”, “වීරයෝ කරන්න” සහ ප්‍රභාකරන් වැනි අයව ආදර්ශයට ගැනීමට ඉඩකඩ සලසා දෙන්නේ කවුරුන්දැයි ප්‍රශ්න කර තිබෙනවා.

“ඒ ජාතිවාදයට ඉඩකඩ හදලා දෙන පියා, ඒ ෆැසිස්වාදයට ඉඩකඩ නිර්මාණය කරලා දෙන පියා අපට කියනවා, ඒක කියපු ගමන් අපි ජාතිවාදී කියලා” යැයි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...