ප්‍රාන්ත රාජ්‍ය හදන්න ඉඩ දෙන්නේ නැහැ.. පුරාවිද්‍යා බෝඩ් ඉවත් කළ අයට වැඩ වරදින හැටි ඇමති කියයි

මඩකලපුව ප්‍රදේශයේ පුරාවිද්‍යා නාම පුවරු ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (24) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියා.

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වාලච්චේනිය සහ කෝක්කඩචෝලෙයි යන පොලිස් වසම්වල හඳුනාගත් පුරාවිද්‍යා ස්ථානවලට ගමන් ගැනීම සඳහා සවිකර තිබූ නාම පුවරු කිහිපයක් ඉවත් කර ඇති බවට පැමිණිලි ලැබී ඇති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

අදාළ නාමපුරු ගලවා ඉවත් කිරීමට කටයුතු කළ පුද්ගලයන් හඳුනාගෙන ඇති බවයි ඔහු පැවසුවේ.

එම පුවරු ගලවා ඉවත් කිරීම සඳහා එම ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප ලේකම්වරයාද පැමිණ සිටි බවත් පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියා.

ඒ අනුව මෙම සැකකරුවන් සහ ගලවා දැමූ නාම පුවරු අත්අඩංගුවට ගෙන අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවද හෙතෙම තවදුරටත් සඳහන් කරනු ලැබුවා.

කිසිවකුට ප්‍රාන්ත රාජ්‍ය නිර්මාණය කිරීමට ඉඩ දෙන්නේ නැහැ. උතුරටත් දකුණටත් නැගෙනහිරටත් බටහිරටත් පවතින්නේ එක් නීතියක් පමණක් බවත් එම නීතිය උල්ලංඝනය කරනු ලබන අයට දැඩි දඬුවම් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

Latest News

More like this

බුද්ධාගම පොතට ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය දාලා.. විපක්ෂ නායක සජිත්

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව...

ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් ඩෙන්මාර්කයේ පළමු පියවර හෙළි කරයි

එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් සොල්දාදුවන් පළමුව වෙඩි තබා...

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...