කැනියුලාවකින් සිදුවූ විෂබීජ ආසාදනයකින් තවත් රෝගියෙකු මරුට..

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සදහා පානදුර රෝහලට ඇතුළත් කළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සේවය කරන කළමනාකාර සහකාරවරයෙක් කැනියුලාවක් මගින් සිදු වූ විෂබීජයක් ආසාදනය වීම හේතුවෙන් මිය යෑමේ පුවතක් පානදුර මූලික රෝහලෙන් ඊයේ (13) වාර්තා වී තිබේ.

මියගිය පුද්ගලයා සති දෙකකට පමණ පෙර ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට උණ රෝගය සදහා ප්‍රතිකාර ලබා ගැනීමට ඇතුළත් කර ඇති අතර එහිදී සවිකළ කැනියුලාව ආසාදනය වී විෂබීජ ශරීරගතවී ඇති බව තවදුරටත් වාර්තා වෙයි.

පසුව පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු හෘද රෝගියෙකු බැවින් වෙනත් රෝහලකට මාරු කර යැවීමට වෛද්‍යවරුන් උත්සාහ කර තිබේ. නමුත් එහිදී ඔහු මියගොස් ඇත.

මරණයට හේතුව කැනියුලාවෙන් සිදුවූ විෂබීජ ආසාදනයක් වන්නට ඇතැයි වෛද්‍යවරුන් විශ්වාස කරයි.

Latest News

More like this

හරිනි වෙනුවෙන් අලවංගුවක් නොවී සිටීමට අනුරට හැකි වේවිද?

අනුර කුමාර දිසානායක මහතාට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්...

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි...