දරුණු වධ හිංසා දී පකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් මරා දමයි…?

හිටපු පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් විස්මිත පුවතක් මේ වන විට සංසරණය වෙමින් පවතී. එම පුවතට අනුව මේ වන විට සිරගත වී සිටින හිටපු අගමැතිවරයා සිර ගෙදර තුළදී බරපතල වධ හිංසා පමුණුවා මරා දමා ඇති බවයි සඳහන් වන්නේ.

බලුකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් පකිස්තාන බුද්ධි ඒජන්සිය වන ISI සහ හමුදා ප්‍රධානී අසීම් මුනීර් මෙම කුමන්ත්‍රණය සිදු කළ බවට චෝදනා කර තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වීමත් සමඟ සිරගෙදරින් පිටත රැස්ව සිටින ජනතාවගේ ඡායරූප ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. මේ අතර ඉම්රාන් ඛාන් ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමඟ ඔහුගේ සහෝදරියන් තිදෙනා ඔහු බැලීමට යාම සඳහා බලධාරීන්ස් සමඟ අරගල කරනු දක්නට ලැබුණා. එහෙත් සහෝදරියන්ට සහ අනෙකුත් පවුලේ සාමාජිකයින්ට බන්ධනාගාරයට ඇතුළුවීමට අවසර ලබා නොදුන් බවයි වාර්තා වන්නේ. එය ඔහු ඝාතනය කර ඇති බවට සැකයන් තවත් තීව්‍ර කර ඇති බව පකිස්තාන මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

හිටපු අගමැතිවරයා රඳවා සිටින්නේ රාවල්පින්ඩි හි ආඩියාලා බන්ධනාගාරය තුළය. කෙසේ වෙතත් මෙම වාර්තා නිල වශයෙන් තහවුරු කිරීමක් මෙතෙක් සිදු වී නැහැ.

මෙම තොරතුරු සත්‍ය බව තහවුරු වුවහොත්, එය ත්‍රස්තවාදී පාකිස්තානයේ නිරපේක්ෂ අවසානය සනිටුහන් කරනු ඇති අතර සත්‍යය ලෝකයට නිරාවරණය වන මොහොතේ සිට එහි ඉතිරිව ඇති අවසාන නීත්‍යානුකූලභාවයේ බිඳවැටීම ආරම්භ වනු ඇතැයි විශ්ලේෂයකයින් පෙන්ව දී තිබෙනවා.

Latest News

More like this

සෞඛ්‍ය ඇමතිතුමනි, අපි මීයොද?

වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබා දුන්...

රාජ්‍ය නායකයාට තවම අපේ මහානායක හාමුදුරුවෝ බැහැ දකින්න එන්න බැරි වුණා – කොටපිටියේ රාහුල අනුනාහිමි

රට තුළ කුමන දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වුවද දේශපාලන නායකත්වය...

දෙදෙනෙක් එළොව ගිය පසු ඔන්ඩන්සෙට්‍රෝන් පිළිබඳ විමර්ශනයක්

නිර්වින්දනය සම්බන්ධයෙන් භාවිත කරන ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිත කිරීමෙන් මරණ...

අවුරුද්දක් යනතුරු කෝච්චියේ නුවර යන්න හිතන්නවත් බැහැ – නි. ඇමති ප්‍රසන්න

'දිට්වා' සුළි කුණාටුවෙන් විනාශ වූ මහනුවර දුම්රිය මාර්ගයේ රඹුක්කන...