දැන් වයසයිනේ… නාමල්ගෙන් මහින්දගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ කොළඹ පෞද්ගලික රෝහලකය ඇතුළත් කළ බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා රෝහල් ගත කර ඇත්තේ හදිසි රෝග තත්ත්වයක් මත නොව වෛද්‍යවරුන් විසින් පෙරදී නිර්දේශ කර තිබූ පරීක්‍ෂණ කිහිපයක් සිදුකර ගැනීමටයි.

මේ බව පැහැදිලි කරමින් නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ පවතින කාලගුණ තත්වය යටතේ ඕනෑම කෙනෙකුට උණ හෙම්බිරිස්සාවක් හැදෙන්න හැකි බවයි.

ඔහු මේ බව පැවසුවේමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“එහෙම ලොකු අසනීපයක් නෑ.. වයසයිනේ” යනුවෙන් ඔහු එහිදී පිළිතුරු ලබා දී තිබුණා.

හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරමින් නාමල් පවසා ඇත්තේ ඔහු ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි.

Latest News

More like this

හරිනි වෙනුවෙන් අලවංගුවක් නොවී සිටීමට අනුරට හැකි වේවිද?

අනුර කුමාර දිසානායක මහතාට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්...

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි...