ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සෑම පියවරක්ම ගන්න – ජනපතිගෙන් උපදෙස්

අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව හා සහන සේවා කටයුතු අඛණ්ඩව සිදු කිරීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශ සහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ඒ ජාතික ආපදා කළමනාකරණ සභාව ඊයේ (27) රාත්‍රියේ ආරක්ෂක අමාත්‍යාංශයේදී රැස් වූ අවස්ථාවේදීය.

ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පුළුල්ව විමසා බලා තිබෙනවා.

ජනාධිපතිවරයා මෙහිදී සුළි කුණාටු සහ වර්ෂාපතනය හේතුවෙන් නිරන්තරයෙන් සිදුවන කාලගුණික වෙනස් වීම්, ආපදා තත්වයන් සහ අවදානම් සහිත ප්‍රදේශ පිළිබඳ යාවත්කාලීන තොරතුරු නිරන්තරයෙන් මාධ්‍ය වෙත ලබා දීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන් බව සඳහන් වෙනවා.

ඔහු වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ නිවාස සහ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු සැලසුම් කරන ලෙසයි.

එමෙන්ම, වාරිමාර්ග පද්ධතියේ ආරක්ෂාව පිළිබදව අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා බලධාරින් වෙත දැනුම් දී තිබෙනවා.

මෙරටට පැමිණ සිටින විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් කාර්යක්ෂමව සපයන ලෙස සංචාරක මණ්ඩලයට උපදෙස් ලබා දීමද මෙහිදී සිදු කෙරුණා.

Latest News

More like this

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...

විධායක ජනාධිපති බලය වැඩි කරගනිමින් අනුර යන්නෙත් රනිල්ගේ අඩි පාරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය...

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...