ප්‍රධාන ගංගා හයක් ආශ්‍රිතව බරපතල ගංවතුර තත්ත්වයක්.. වහාම ඉවත්වෙන ලෙසට රතු නිවේදනයක්

ප්‍රධාන ගංගා හයක අදාළ ගංගා ද්‍රෝණිවල පහත් බිම් ප්‍රදේශවල දැනටමත් තීරණාත්මක ගංවතුර තත්ත්වයන් වර්ධනය වී ඇති බවත්, ජල මට්ටම තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව මහවැලි ගඟ, දැදුරු ඔය, මහ ඔය, කලා ඔය, මැණික් ගඟ, මල්වතු ඔය යන ගංගාවල ජල පෝෂක ප්‍රදේශවලට අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් දැනටමත් තීරණාත්මක ගංවතුර තත්ත්වයක් වර්ධනය වී තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරනු ලබන ජල මට්ටම මැනීමේ මධ්‍යස්ථානවල කියවීම්වලට අනුව ජල මට්ටම තව දුරටත් ඉහළ යනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

එබැවින් මෙම ගංගා ආසන්නයේ ජීවත් වන මහජනතාව දැඩි විමසිල්ලෙන් සිටින ලෙසත්, පවතින ප්‍රධාන ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය සියලු පූර්වාරක්ෂාවන් ගන්නා ලෙසත් දැඩි ලෙස ඉල්ලා සිටින බව ‘රතු’ ගංවතුර අනතුරු ඇඟවීමේ පණිවිඩයේ සඳහන් වෙනවා.

මෙම ගංගා දෙපස පහත් බිම් ප්‍රදේශවල ජීවත් වන පදිංචිකරුවන්ට හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස දැඩි ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර, අදාළ ආපදා කළමනාකරණ බලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ.

Latest News

More like this

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...

ග්‍රීන් කාඩ් ඉවරයි..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි...

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...