විවාහයට මාසයකට පෙර හොංකොං ගින්නට දිවි පිදූ ගිනි නිවන භටයා

හොංකොං හි මහල් 31 ක් උස ගොඩනැගිල්ලක ඇති වූ ගින්න මැඩ පැවැත්වීමට උත්සහ කරමින් සිටියදී ගිනි නිවන භටයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඔහු 37 හැවිරිදි Hei Wi- Ho නම් තරුණයෙක්.

ඔහු වසර දහයක ආදර සම්බන්ධතාවයකට පසු ලබන මාසයේ විවාහ වීමට නියමිතව සිටි තරුණයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තියෙනවා.

ගින්න ඇති වූ දින ප.ව. 3:01 ට පමණ හෙයි මේ ස්ථානයට පැමිණ භූගත සෝදිසි මෙහෙයුම් සිදු කරමින් සිට තිබෙනවා. අවසානාවන්ත ලෙස ප.ව 3.30 ට පමණ ඔහුගේ සගයන්ට ඔහු සමඟ තිබුණු සම්බන්ධතාවය නැති වූ බව පැවසෙනවා. පසුව ගොඩනැගිල්ලෙන් පිටත විවෘත ප්‍රදේශයක මුහුණට දරුණු පිළිස්සුම් සමඟ වැටී සිටියදී අනෙකුත් සගයින් ඔහු සොයා ගත් බවයි වාර්තා වන්නේ.

පසුව රෝහල් ගත කළත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව ලැබී නැහැ.

හෙයිගේ ජීවිත පරිත්‍යාගය බොහෝ දෙනෙකුගේ හද කම්පා කරන්නක් බවට පත් වුණා. හදිසියේ ඊයේ (27) උදෑසන හොංකොංහි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ මෙම ගින්නට මැදිවූ මිනිසුන් දහස් ගණනක් බේරා ගැනීමට ඔහු තුළ තිබුණ අවංක හැඟීම පුදුම සහගතයි.

හොංකොං ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව ශෝකය ප්‍රකාශ කිරීම සඳහා එහි මුල් පිටුව කළු සහ සුදු ලෙස වෙනස් කළ තිබෙනවා. සගයන් නොනවත්වා ඔහු සමඟ සිටින ඡායාරූප සමාජ මාධ්‍යවල බෙදා ගනිමින් සිටිනවා.

විශේෂයෙන් වසර දහයක් පුරාවට හීන මැවූ ආදරය ඔහුගේම කර ගැනීමට ඉතිරිව තිබුණේ තවත් එක් මාසයක් පමණක් වීම කිසිවකුට කිසිදිනක අමතක කළ හැක්කක් නොවේවි..

“හොංකොං වැසියන්ට ඔබ සදාතනික වීරයෙක්..” සමාජ මාධ්‍යවල ඔහු වෙනුවෙන් පළවන නිමක් නැති සටහන් අතර ලියැවී තිබෙනවා.

මෙම අනතුරින් හොංකොං වැසියන් 83 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වී තවත් සිය ගණනක් අතුරුදන් වුණා.

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...