සැනිටරි නැප්කින්ස් එහෙම නැත්නම් සනීපාරක්ෂක තුවායක් ගැහැණු ළමයෙක්ට කොයි තරම් අවශ්ය දෙයක් ද කියලා තේරුම් ගන්න ස්වභාවික විපතක් වෙන්නම අවශ්ය නැහැ.
ඒත් අවසනාවට කොයිතරම් අත්යාවශ්ය වුණත් මේක සමාජ ගත වුණේ රහසිගත අද්භූත වස්තුවක් විදියට.
කොල්ලෙගේ ඇස් දෙකට පේන මානයේවත් තිබුණ දෙයක් නෙවෙයි පෑඩ් කියන්නේ.
සමහර ගෙවල්වල අක්කගේ නංගිගේ පෑඩ් එක අයියට මල්ලිට පේන්නවත් තියන්නෙ නැහැ.
හැබැයි මිනිස්සුන්ට අවශ්ය අනෙක් හැම පරිභෝජන භාණ්ඩයකටම තියෙන වටිනකමම තමයි පෑඩ් එකටත් තියෙන්නේ.
සමහර වෙලාවට ඒක කෑමට බීමට තියෙන වටිනකමටත් එහා ගිය එකක්. මොකද මාසික ඔසප් චක්රය ක්රියාත්මක වුණාට පස්සෙ වේලක් දෙකක් කෑම මඟ හැරලා හිටියත් ගැහැණියකට පෑඩ් එකක් මඟ හැරලා ඉන්න බැහැ.
ඒක ඒ තරමටම අත්යාවශ්ය දෙයක්. ඒක තේරුම් ගන්න ගැහැණියෙක්ම වෙන්න ඕන නැහැ.
පුංචි කාලේ සහෝදරයින්ගේ ඉඳලා බැරියර්ස් වැටුණ දෙයක් ගැන පිරිමි ළමයෙකුගෙන් හොඳ ආකල්පයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.
හැබැයි අපි මෙච්චර කල් අස්වාභාවික කියලා හිතුව මේ සනීපාරක්ෂක තුවා අවතැන් කඳවුරුවලට යවන්න ඒවා මිලදී ගන්න මේපාර වැඩිපුරම ඉස්සරහට ඇවිත් තිබුණේ කොල්ලෝ.
පෑඩ්ස් එහාට මෙහාට ගෙනියද්දි, විශාල පෙට්ටිවල අඩුක් කරද්දි, අනේ ඕක අපේ වැඩක් නෙවෙයි කියලා කිසිම කෙල්ලෙක් පස්ස ගහලා තිබුණේ නැහැ.
සහනාධාර බෙදාහරින මධ්යස්ථානවල ස්වේච්ඡාවෙන් වැඩිපුරම වැඩ කළේ කොල්ලො කෙල්ලො.
ඒ අතර කොල්ලො තමන් වටේට අනවශ්ය විදියට බැඳලා තිබ්බ සම්ප්රදායික හණමිටි තාප්පවලට පයින් ගහලා වැඩ කරපු එක නම් ඇත්තටම නියමයි.කොයි තරම් රෙස්පෙක්ට් කරත් මදි.
පෑඩ් එක තවදුරටත් පිරිමින්ට අකැප වස්තුවක් නෙවෙයි කියලා පෙන්නුම් කළාට ගොඩක් ස්තූතියි…
