අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට එහි අඛණ්ඩ ගලවා ගැනීමේ සහ සහන කටයුතු සඳහා සහාය වීම සඳහා ජපානය විසින් මෙරටට එවූ වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට ළඟා වුණා.

එම කණ්ඩායමට සාමාජිකයින් 31 දෙනෙකු පමණ ඇතුළත්ය.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති ජනක් කුමාරසිංහ සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) හි නිලධාරීන් විසින් ඔවුන් පිළිගනු ලැබුවා.

වෛද්‍ය කණ්ඩායම් නායක ඉවාස් කිචිරෝ “වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය අයට අපගේ හෘදයාංගම සහයෝගය ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කර තිබුණා. එමෙන්ම මෙම සහයෝගය ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසිකව පවතින මිත්‍රත්වයේ දිගුවක් බව ඔහු කියා සිටියා. පසු ගිය සැප්තැම්බර් මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපානයේ සංචාරයෙන් එම බැඳීම් තවදුරටත් ශක්තිමත් වු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙම වෛද්‍ය කණ්ඩායම ආපදාවෙන් දැඩි ලෙස හානි වූ හලාවත රෝහලේ රෝගීන් සහ එම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සේවය ලබා දීමට නියමිතය.

Latest News

More like this

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...