පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත පාකිස්තාන ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය හරහා ශ්‍රී ලංකාවට ටොන් 80 ක මානුෂීය ආධාර තොගයක් එවා තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් සේවය විසින් ලාහෝර් සහ කොළඹ අතර ක්‍රියාත්මක කරන ලද වෙනම ගුවන් ගමන් හතරකින් සහනාධාර තොගය ප්‍රවාහනය කෙරෙන බවයි වාර්තා වන්නේ.

පළමු ගුවන් ගමන ඊයේ (04) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වූ බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකාවේ සහන සේවා සහ ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය, ආධාර පැකේජය සුදුසු පුද්ගලයින්ට කාලෝචිත ලෙස ලබා දීම සඳහා පහසුකම් සපයන බව සඳහන් වෙනවා.

මෙම ව්‍යසන තත්ත්වය ආරම්භයේ සිටම, පාකිස්තාන රජය, පාකිස්තාන නාවික හමුදාව, පාකිස්තාන ගුවන් හමුදාව හරහා මානුෂීය ආධාර මෙන්ම සෘජු සලාක බෙදා හැරීමේ මෙහෙයුම්වලදී දැඩි සහයෝහයක් ලබා දීම කැපී පෙනුණා.

Latest News

More like this

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...